කෝල සිනාවේ | Kola Sinhawe by Kalpana Nayanamadhu [2021]

සීත සුලඟක් පාවී ඒ දෝ
ආදරේ පීදිලා…
මා හදේ ප්‍රේම ආශාවෝ
හද පුරා කැලතිලා

නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…
අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා…

ඔයාගේ කෝල සිනාවේ
මං තාම ඔබේ තුරූලේ ඉන්නේමී
ස්නේහ වසන්තේ ඇරයුම් ලැබී…

ආදරේ දැනුනු සැඳෑවේ
ඔය දෑත මාගේමයි සොඳුරී
ලැබූ වසන්තේ පිලිගමු අපී…

මා ගියේ ඇවීද මල් පාරේ
ඔබ කොහේදැයි සොය සොයා…
පෑ සෙනේ මාගේ පෙම් සුවය
දිව එමී මා ඔබ කරා…

නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා
අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *