මගේ දිගට හැඩට | Mage Digata Hadata Thibunu by Sunil Perera

Sinhala song lyrics with music notes illustration

මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා
ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදු වෙනවා
අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා
ටික ටික මං ටික ටික වයසට යනවා
ටික ටික මං ටික ටික වයසට යනවා

ඉස්සර මට සුනිල් අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑණු ළමයි
හිතට දුක්ක ඇති වුණාට ඇත්ත ඒක තමයි
අයියෝ තරුණ වෙන්න බෙහෙතක්
ලොව තිබුණා නම් හොඳයි නේද
ඕවා ඔහොම තමයි
හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි

සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගෙයි
සමහර අය එහෙම කියුවේ නෝන්ඩියට තමයි
අනේ දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නත් දැන් පොඩ්ඩක් බයයි
ඕවා ඔහොම තමයි ඕවා ඔහොම තමයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි

කෑම බීම බැලන්ස් කළොත් පරෙස්සමට හොඳයි
කොලෙස්ටරෝල් සුගර් ප්‍රේෂර් ලෝක ලෙඩක් තමයි
ගෙදර නෝනා හිතේ බයට කරු කුරුවක් දමයි
අනේ ඒ වුණාට මගේ වැඩ ගැන දන්නේ එයා තමයි
ඕවා ඔහොම තමයි ගෙදර නෝනා ඔහොම තමයි

දැන් drink එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
සිගරට් උගුරක් බිව්වත් ඒක හොරෙන් තමයි
පරණ වුනත් මගේ එන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි
ඕවා ඔහොම තමයි
වයසට යනකොට කව්රුත් කිව්වේ ඔහොම තමයි

අයියෝ හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ
ඉස්සර නම් එහෙම තමයි තිබුණේ මගෙත් හිතේ
ඔය දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ
අයියෝ නවත්තන්ඩ බෑ වයසට යන එක නම් පුතේ
ඒක ඇත්ත තමයි ඒක ඇත්ත තමයි
කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply