මගෙ පාරේ මම | Mage Pare Mama by Sahan Liyanage [2020]

Sinhala song lyrics with music notes illustration

Staying true while walking alone.

Song Lyrics

වෙනසක් වෙනකන් බලන් හිටියා මමත්
තාමත් නොදැකපු ඒ හීන වුණත්
අදටත් මගේමයි කියා විඳින දුකක්
මටවත් නොහිතුන ‘මම’ මගේම වුණත්

පොඩි කාලේ ඉඳන් දැක්ක හීන එක වාගේ
පස්සේ දිව්වේ හැමදාමත් තේරුණත් වැරදි වාගේ
හිත කිව්වෙම “උඹ වෙන්නයි ඕනේ උඹ වාගේ”
වැරදි නැහැ මම, හැරෙන්නෙත් නැහැ මම ආයේ

එදා ඉඳන් මේ වෙනකන් මම තාමත්
ඒ විදිහමයි වෙනස් වුණේ නැහැ කවුරු ගාවත්
ළඟින් හිටි අය වෙනස් වුණත් හැමදාමත්
මට මම! නිසා තනි නැහැ කවුරුත්ම නාවත්

මමයි මගේ වෙනස මගේ මේ ජීවිතේට
විඳින, විඳවන නොලැබුණත් පැතූ දේම
සතුටක් හිත යට අත්හැරිය දේ ගැන
මගේ පාරේ මම!

මතකයි වුන හැමදේම මට අද වාගේ
තනිව ආවේ දුර, දැනගෙනයි මගේ පාරේ
නොහිතූ, නොපැතූ දේවල් විතරක් ද වුණේ?
අඩියෙන් අඩිය මඟයි මා ගෙන ගියේ

වැටෙන්න ඕනේ තේරුම් ගන්න මේකේ ඇත්ත පැත්ත
කාටවත්ම නොතේරෙන්නේ ඇයි බර මම ඇද්ද
පණ දෙන්න හිටි වුන් කෝ? අද නැද්ද?
විශ්වාස කළ නිසා තමයි වැරැද්ද

ඒ නිසා තනිකම පැත්තකින් තියන්
ළඟින් හිටි නුඹටත් මා නොතේරුනා වුණත්
පාට කලා සිතුවම් ඒත් නුඹ ගැන තවත්
මගේ හීන ගැන වෙන කවුද දන්නේ මම තරම්

මගේ පාරේ, මගේ හීනේ මගේ වෙනකන්
යන ගමනක් සතුටින් මොන දේ වුණත්
පොඩි පොඩි මැණික් කැට මට ලැබුණත්
දියමන්තියක් වෙනකන් මම මඟ බලන්
මගේ පාරේ මම!

Song Information


Song Summary

A powerful self-reflective song about identity, resilience, and walking one’s own path despite loneliness and doubt.


Song Meaning

“මගෙ පාරේ මම / Mage Pare Mama” expresses the inner struggle of staying authentic in a world that constantly changes.
The song highlights self-belief, learning through pain, and choosing personal growth over approval. It reminds listeners that even when trusted people leave, staying true to oneself is strength.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Mage Pare Mama?
Self-identity, independence, resilience, and personal growth.

Who wrote the lyrics?
The song was written by Hansaja.

What genre does this song belong to?
It falls under Sinhala rap with strong motivational elements.

Why is this song relatable to many listeners?
Because it reflects real-life struggles—loneliness, broken trust, and the courage to continue on one’s own path.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply