මාර සීන් | Mara Scene by Maduwa ft. Shana [2021]

Sinhala song lyrics with music notes illustration

මාගම්පුර නුවර

අයින් කරලා මිනුස්සු
යන්නේ තනියම
බේරිලා කරන්න ගිහිල්ල ඉන්නෙ හොද
කෙලවිලා ඉන්නේ මං නම් වස ගහලා
අඩෝ අපේ සිංදු දැන් කොල්ලොන්ට
පිස්සු ගහලා

මට කාකි කිට ඕනෙ නෑ
දුරින් ඉද්දී අදුරන
බෑ මං එන්නෑ
ජම්මෙට රැපෙන් නම්
ගලවන්නෑ
යාලුවෝ කෙල්ලෝ ලග නම්
පොර වෙන්නෑ

මැරුණම මලගේ දාපං මගේ සිංදු
ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න
හොද වචන පිට කරපං සුබ වෙන්න
ඉල්ලන්නේ අම්මේ
ඔබ බඩේම ආයේ ඉපදෙන්න
කියවන්නම් හිත
තොපේ මූන මං දැක්කම
කටපාඩම් කොල්ලොන්ට
අපේ රැප ඇහුවම

කම්සද පෙන්නං ඉන්නේ
එව්වා බඩු ගැලෙව්වම
කසන්නේ හැම තැනම
ආතල් නේ බං වැදුනම

අපිට කොහෙද මාලු
අපි කොල්ලො යන්නෙ නෑනේ මුහුදු
අඩෝ මගේ කෑල්ල එහෙම නෑලූ
කැරකිලා වැටෙයි නැග්ගොත්
ඒකී බොරු

උතුර දකුණ මාරු වෙන්න
දෙන්නේ අත පුරවලා
රැප මගේ කසිප්පු
යන්නේ පපු ගලවලා
යන්නෙපා කෙල්ලො පස්සෙන්
ආදරේ නම් ඉල්ලලා
කැඩිච්ච හිත දෙන්නම් මං අලවලා

තනිකඩෙන් ඉදලා ගිහින්
අත්වල රේඛා
ඇන්ද හින්ද නිල
සල්ලි ඇති කියලා
හම්බ කරපුවා බාර් එකේ තියලා
සතේට විතර ඉතුරු සත මෝඩයා කරලා

බලාගෙන හිටියා මේ ඇති වෙලා
ලග ඉන්න හොද මිනිස්සු බං නැතිවෙලා
හෙව්වා හේතුව
හිතාගන්න බෑ මට
ලොකුසීන් දාපුවා නම්
අද ආං බඩ වෙලා

පැකටිලි උතුර ඉන්නවා හිටගෙන
මං ගිහිල්ලා ඇහුවා කෙල්ලේ
ඔයා මට කැමතිද
කිව්වා කැමති ඔයට ඔය බඩ නැත්නම්
තොපි කලු තමයි මේ ලෝකේ ක්‍රීම් නැත්නම්

නුවර ඉපදෙන්න ඕනේ කොල්ලො පිණ
කොල්ලො දනී මදුවගේ ගැන
උඹේ රැප් පැනඩෝල් මට හැදුනම උණ
වචන තුන චරිතය නෙවෙයි මාරු වෙන

අපි ආතල් ලෝකෙක ඉන්නේ
නැති දේවල් ගැන හිතන්නෑ ඩෝ මං
මිනිස්සු මාර විදිහට වෙනස් වෙන්නේ
තේරුම් අරං ජීවත් වෙලා අපි යං
මේ හැමදේම අපිටනේ වෙන්නේ
සේරම කරෙන් ගිනියනකං
උං ඉන්නකං අපිට බනින්නේ
අපි මැරුණම බොරුවට කදුලු හලං

හීතල හැන්දෑවේ
කොහීට වී හරි
අමුතුම ලෝක වල පාවේ
මාතර වැල්ලේ මං ආසම උඹ එක්ක
ඇවිදින්න අද මොකෝ නාවේ

සිව්පින් වැඩ දාලා
චාටර් වෙලා නෙවෙයි
ගම දාලා නගරෙ ආවේ
කරගල අතැරියා
පෙර කල පිනටම
හරි පැත්ත වැඩ මාලිමාවේ

බොරු සීන් දාන් එන වුන්ට
මැදගිල්ල
දෙන්නං කන කීං ගාල යන්න
රැපෙන් ගැලපිල
සුදු කොහෙද යන්නේ
සෙට් වෙන්නෑ ඔය ඇබරිලා
කට් වෙන්නෑ ගැට්ටෙන් ආවත්
හොද කරනවා දැගලිල්ල
වෙඩිවගේ රැප දෙන්නම්
අල්ල ගන්න දිශ්ටි දෙන්න
තට්ටූ පෙන්නල ඇති
ඔහොම ඉදගන්නකො කට්ටිය
ඇතිවෙන්න මම සැප දෙන්නම්
පින තිබ්බොත් උබලා ඉන්න කාලෙක
ආයේ උපදින්නම්
බලං ආයේ හැරිලා
අපි නෑ පව් පිරිලා
බුරන බල්ලෝ නොකති
කදු යන්නේ නෑ පෙල්ලිලා
ඔව් මේකට මං හරි කැමති බං
ඒකනේ ඉන්නේ එල්ලිලා
ඕක සද්දෙට දාගෙන අහපං මල්ලි
හකු යන්න පැලිලා

මේ කුණු කය
දවසක පොළවට දිරනෝ
මල් සිංදු ඇතිකර ගම
හොටු පෙරනෝ
මම ආතල් දෙන්නම් ඔලු යන්න සහනෝ
කුම්බලා බඩු කෑවනම් දැන් විදවපං
බලලෝ

හකු දෙක බැස්සේ තෝල් ගහලා
මට මේ හයි කර්වුඩ් සැප දැම්මා බෝර ගහලා
කට කහනවට නෙවෙයි කිව්වෙ
උපතින්ම දාංගලේ
කිට කාගෙන උන්නු කාලේ මතකයි බං පාරේ බැහැලා

දුක නයා වෙද්දී මචං
සැප අහලා මුගටී
අවංකයා වගේම
වෙන්න ඕනේ කපටි
දැලි රැවුල වවාලා
නැහැ රෑ දවාල
නාහෙට නෑහුවත් අපි කන්නේ
ටිපි ටිප්

ලංකාවෙ කොල්ලන්ට
සිංදු අපි හැදූ
වීරකැටි කොලු සමග
උඩරට මාදූ
බෙන්ස් අවුඩි
රෝද දෙකෙන් වැඩ දාගෙන
යකඩ කන අපිට මොන ඒසී ද

සද මෝදු වෙලා දිලිසෙන්නේ
ගගන ගාමියෝ වගේ ඉගිලෙමු බං
අද ඉන්න එවුන් නෑ හෙට ඉන්නේ
මේ කිසි දෙයක් සදාකාලික නෑනේ බං
ලගපාත නෑනේ නිවන පෙනෙන්නේ
ආපු චාරිකාව හොදින් ගත කරපන්
මේකේ මාර සීන් මචං වෙන්නේ
බලං උඹ උඹගේ ගේම ගහපං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply