in Desmond de Silva

නිල්වන් මුහුදු තීරේ | Nilwan Muhudu Theere by Desmond de Silva

මා එතර ආ දා ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

මා එතර ආ දා ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුළු වී ලා දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ වීදේ මූණේ තව ම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

banner

Leave a Reply