රත්තරන් මාගේ | Raththaran Mage by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

රත්තරන් මාගේ – සුරඟනක් වාගේ
ඇස්වලින් කී දේ ආදරේ
හුරතලේ මූණේ – මල්මිටක් වාගේ
කම්මුලක් ගානේ හාදු වූනේ

හිත්යායේ පෙම්මල් පීදී
අමරසදෝ වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් වාගේ නෙ
නෙතු මා හදේ

නිල්මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

දුක්වින්දේ සුසුමක් ගානේ
මා හැඩුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහි වූ එදා
දැනුනේ රස නොයිදුල් දීගේ
හිනෙන් දුටු පාරාදීසේ
මියැදෙන්නේ පහසින් දෙනුවන්මා

රත්තරන් මාගේ – සුරඟනක් වාගේ
ඇස්වලින් කී දේ ආදරේ
හුරතලේ මූණේ – මල්මිටක් වාගේ
කම්මුලක් ගානේ හාදු වූනේ

නාදල්ලේ පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි හැඟුමයි දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගෙ පනමයි සෑමදා

රත්තරන් මාගේ – සුරඟනක් වාගේ
ඇස්වලින් කී දේ ආදරේ
හුරතලේ මූණේ – මල්මිටක් වාගේ
කම්මුලක් ගානේ හාදු වූනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply