සද රේණු | Sanda Renu by Prasanga Thisera ft. Shashika Nisansala

සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා මං ආවා
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්න
හැමදාම මගේ ලෝකයේ
හුරතල්වී මා ලගම තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි
සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා මං ආවා
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

කවි සිංදු මුමුනන්න දුක් ගින්න මට දෙන්න
සැනසෙනන්න මිහිරාවියේ
ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකි වේද
මා පැතුම එයමයි ප්‍රියේ
සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා ඔබ ආවා
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *