වැරදිද මා | Waradida Ma by Ashan Ranushka ft. Smokio [2020]

Sinhala song lyrics with music notes illustration

හැමදේම බොරුවක් උනා
ආදරය අගයක් නැති දා

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා ද යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා යලි යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

ස්මෝකියෝ
වැරදිද මං
තවත් ඉන්නේ කොහොමද
ඔයා ගාව
නොදැක්කා වගේ ඇස් පියන් මං
නැතුව බැරි නම්
එක පාරක්
දෙපාරක්
දීලාම මං
ඇයි තාමත් බැරි කියන්න

ආදරේට
හරිම වටිනාකම දෙන්න
ඇයි බැරි වුනේ
ලස්සන කතාවක් ලියන්න

අපිට මම දුන්න
ආදරේ කියන්න
මදිද
මේ ලෝකෙම නැති වෙයි
මිම්මක් මනින

ඉවසීම කියන එකෙත්
සීමාවක් නැති වෙද්දී
දුකයි කතාව

මේ අන්තිම පාර
ආයේ ලං වෙන්නෑ
එන්නෑ මං තුරුල් වෙන්න
නෑ තවත් වතාවක්

ඉන්නෑ ඔයා ගාව
බෑ හැමදාම
වෙනස් වෙනවා හැමදේම

ඒතමයි දහම
තේරුම් ගත්තනම්
ඔයා එදාම
අපි දෙන්නගෙ වෙලයි
අපි ඉන්නේ තාම

ඒත් දැන් වෙලාව හරි
තීරනයක් ගන්න
කාට හරි

ඉතින් මම හිතුවා
ඔයාගෙ අතින් අතහරින්න
අද මම ඔයාට කලින්

ඒත්
මම දන්නෑ
කොහොමද මකන්නේ
මතක මං

ගිනි තියලා දාන්න පුලුවන්
පොතක නම්
කවුරුත් කියනවා වගේ
හැමදේම හොදට නම්
සමුදෙන්නම් ඔයාට මං
දුන්න හිත ආයෙත් අරං

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා ද යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

නුඹ සමගින් මා
ලංවී හීනේ
අතහැරුනා මා
හද බිදුනා

පෙර දිනයේ මා
තුරුලේම රැදි ඒ
මතක ආයේ
හද දවනා

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා ද යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply