යකඩ හීන | Yakada Heena by Kaizer Kaiz ft. Lil Neo [2020]

Sinhala song lyrics with music notes illustration

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

First එකේ යන ජීවිතේ දන්නවා
Second වෙන්න බෑ race එකේ

3rd time උබ හැප්පිලත්
අඩුවක් නෑ නේ
ඇයි තාම වේගයේ

උබ අව්වට පොඩ්ඩක්
යනකොටත් අම්මලා
ගේත් පෙරලගෙන
හොයනවා කුඩ
උබ හයියෙන් යනකොට
අම්මගෙ කකුල
ගෙදර ඉදගෙනත්
Break එක උඩ

යකඩ රත් වෙද්දී
පිච්චුනේ අම්මාගේ හිත්
තොපි මැරුනම
ඇවිලුනාට ගිනි
අවුරුදු ගානක් යනකන්
හිස් වෙයි
ඒ නිවසේ ඇති නිවිච්ච ලිප්

මව්පියන්ගේ හිත් දුවන්නේ
තෙල් වලින් නෙවෙයි
දූ දරුවන්ගේ පෙමින්
මේ ජීවිතේ දුර්ලබ ගමනක්
දෙයියන්ගේ නාමෙට
දැන්වත් යමන් හෙමින්

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

උබ දුකින් ඉන්නවට
බයවෙලා
ආයෙත් හදලා දෙයි තාත්තා
ලෝකෙට ණය වෙලා

ලක්ෂ ගනන්
බෙහෙත් වලින් හොද කලත්
ආයෙත් එයි තොගෙ පිස්සුව
තද වෙලා

Ducatti කරගෙන ස්කූටරේ
නවත්තපන් දැන්වත්
ඔය සෝබනේ
මාරයාවත් දාගෙන වාහනේ
යකඩ හීනෙන් වෙලා තොපි
මෝහනේ

හෙල්මට් නෑ බං
මෝඩකමට
හැප්පුනොත් කුඩු
යන ගමන වලට
බයික් එක ගත් නිසා
තාත්තගේ නමට
එයා මනසෙන්
පෝරකේ එල්ලෙයි දුකට

සිවිලිමක් වත් නැති වහලෙන්
දුක බේරෙයි පුතාගේ මරණෙන්
අම්මලා අයේ නියයි ඒ පාරෙන්
පොඩි පුතාව මැරුවට
ඇති වයිරෙන්

ඒක නෙවෙයි බන්
හොදම හරිය
උබ මැරුණත්
ගෙවන්න වෙනවා පොලිය
අපි ගිලෙයි දුක් ගගේ
ප්‍රශ්න සුලිය
ඔබ ආතල් එකේ වලේ
දීලා පුඩිය

පාගපන් තව තවත්
ලෑල්ලට
ඒ ලෑල්ල ගමු පස්සේ
පෙට්ටියේ පියනට
අපිත් ඇවිත් කරගහන්නම් ඉතින්
බොගේ යලුවෙක් වුන ඒ කරුමෙට

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

උබේ හීන
ජීවිතේ කරවයි වින
උබට වගේම
දෙමව්පියන්ගෙත්
හිත් වල ඇති බං හීන

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply