යෙහෙලී | Yeheli by Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

හිතුවක්කාර අවිහින්සකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාසී ඉඩෝරය ඈතට පාවී
වැහි වලාවන් ඇයට අතවනාවී

නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලි
පබ ගාලක පැටලිලා ඉන්නෑ
ඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්
දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි

තෝර ගත්තේ ඇය වැරදි පාරක්
එය තීරනයක් ඇය වැරදිලා ගත්
කාටත් වැරැද්දක් කරේ නෑ ඇය වැරදිලාවත්
වැරදි ලොව ඇය මත තබයි වැරදි දාහක් බියෙන්

හකුලවාගෙන ඇය පියාපත්
හින මවන්නේ දුර ඈත පියාබන්නයි
හැකිලුනු අත්තටු නැවත විදාලන්නයි
පැටලී ගිය යතාර්තය ගැට ලිහාගන්නයි

සමාජේ මුහුදක් ඇය නැව ගිලාබත් වූ
සතා කියා ඇයට කිව්වා සත්තූ
සමාජෙන් ඇයට නෑ කියන තැන තියා ගත්තු
ශුද්දවන්තයයින් ගැන කිව්වානම්
උන්ගේ වැරදී ගාව ඈ නිවැරදී තාමත්
හරි වැරැද්ද තෝරමින් ඈ වී ඇත විඩාපත්
ඇත රැවටිලා නමුත් නෑ වැලපිලා නම්
ඇය ජීවිතය අල්ලන් ඉද්දී වැරදි තාමත්

කෙල්ලෙක් වරක් දෙවරක් ජීවිතේ පැරදිලා යද්දී
නැගෙනවාද හිතේ කැත හිනාවක්
ඇය දිහා වත් තවත් දෑස පිහිදලා බලද්දී
ඇය ඔබේ නැගනියක් නම් ඈටත් වැරදිලා නම්

පාමින් සිනහා….
ඇය වෑයම් දරයි සගවලා තබන්න වේදනා..
දකින්න දරා යෙහෙලි මවා පාමින් සිනා…
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා..
හීන මාලිගාවන් මවාන් යෙහෙලී මා….
යෙහෙලී මා….

හිතුවක්කාර අවිහින්සකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාසී ඉඩෝරය ඈතට පාවී
වැහි වලාවන් ඇයට අතවනාවී

නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලි
පබ ගාලක පැටලිලා ඉන්නෑ
ඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්
දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි

ඈ දැන් හරි පාරක් ලග නැවතිලා නම්
ඇයි මේ සමාජෙට ඇය වැරදී තාමත්
ඇය හදන්නේ දිය වලෙන් ඈතට පිනාගන්නයි
ඈව වෙලාගත්ත දැල ඉරාගන්නයි
රහස විශ්වාසය ඇගේ දෑස කියාපායි
දැන් ඇගේ වටිනාකමට නැත ඉල්ලක්කම්

ඇත පිපාසක් දැන් ඈට ජීවත් වන්න
ස්වයන් නිදහසක් බිද හැර සීමාවන්
සමනලයන් පියාබයි ඇගේ ලැම සිසාරා
මදනැලි කුනාටුවකට හැරවිලා හමයි

හැම දිනාක්ම දැක්කේ මැලවිලායි වත
දැන් ඇගේ පිඩාවට පත් මූනේ ඇත හිනාවක්
අන්දකාරය අතරින් අරුනැල්ල කින් ආවවත්
අවසානේ දකින්න හදන්නේ රෑ නිමාවක්

පාමින් සිනා…
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා..
හීන මාලිගාවන් මවාන් යෙහෙලී මා….
යෙහෙලී මා

written by Kevin Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply