දුෂ්ඨයා | Dushtaya by Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්..//

කවරේ බලලා පොත මැන්නා
ඔවුන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ
කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්
හීනේ ජීවත් වෙන්නයි කරන්නෙ
මේ යුද්ධෙ අම්මෙ ඔය බඩෙන් ආවෙ නෑ තමයි
ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්
හිනාව තාත්තෙක්ගෙ මූනේ
සුන්දර සමාජ ක්‍රමේ
මල් විලක් වගෙ පෙනුනේ
මඩ අස්සෙ එරුන උන්ගෙන් කීප දෙයයි බේරුනේ
මන් ඉබේ නෙමෙයි බේරුනේ //

මට අදාලම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්
මන් අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්
ජීවිත සින්න වෙනවා ලාභෙට උන්ගෙ
අසීමිතසේ වටියි මවකට මා මෙන්ම පුතෙක්

මන් ආසාවෙන් කෑවා අම්මා දහඩිය පෙරන් හදපු රොටිය
එනකොට සල්ලි ගහක් වවලා නෑ පුරවල ගන්න ගෝනි
හිතුමතෙ හුනු ගාලා තිබ්බ කටු බිත්තිවලට
ඇදලා තිබ්බෙ නෑ පොටිවත්
පොඩි තැනින් ආවෙ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්

මලකුනක් මතින් හලන් කෙල මම හොයන් ආවා පන සලකුනක්
අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුනත්
නිසි දේවල් ප්‍රධාන වුනා
නිසි ගුණාංග ප්‍රධාන වුනා
නිසි වෙලාවෙ මන් රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න වුනා

(Heyy) සජීවී චිත්‍ර වුනා
ලිවුව අකුරක් කිව්ව වචන ගානින්
අශීලී හිතක් වුණා
හික්මවූ හිත අත්දැකීමක් ගානෙ
මන් අද ඉදීවි හෙට තුරන් වෙයි
මන් වගෙ චරිත දෙක තුනක් එයි
ඒත් මාව ඇහෙයි සදා කාලෙ පුරාවට
මගෙ මූන නොමැරෙන මූනක් වෙයි

ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්…

written by Kevin Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply