යුධ ගිණි දුමාරය | Yuda Gini Dumaraya by Umaria [2021]

නැගුන විට යුධ ගිනි දුමාරය
සටන් කෙරුමට පෙරමුනේ
වෙලාගත් ගිනි දැලි නිවීමට
ඔබ ගියෙන් අපි තනිවුනේ

අතුරුදන් වූ දාපටන් ඔබ
අපට හැමදේ නැති වුනේ
ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
වඩින තෙක් ඔබ හිමියනේ

ඔබේ දියනිය
වරින් වර ඇවිත් ඉතින්
තාත්තා කොහිදැයි අසයි

කියා ගන්නට දෙයක් නැති සරණින්
මගේ හදවත ඉකිගසා වැලපේ
රට දැයට කිසරිදුවවන් සැමදා
මව් හදේ බබරිදු ඔබයි නිතිනා
වරට ගනනක පටන් ගත සිත මා
ඔබෙන් ලදවූ උනුහුමක් පතනා

රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට දැන්
ඔබේ අගයක් නොම දැනෙනා
ඔබ නොමැති මුත් ඔබෙ විරු සගයන්
තවම වැජබේ පෙරමුනේ සිටිනා

කොතෙක් කල් තව බලා ඉන්නද
නොදන්නෙමි මම දෙවියනේ
කොහේ හිටියත් දේව පිහිට
නැවත අප වෙත එනු මැනේ

නැගුන විට යුධ ගිනි දුමාරය
සටන් කෙරුමට පෙරමුනේ
වෙලාගත් ගිනි දැලි නිවීමට
ඔබ ගියෙන් අපි තනිවුනේ

අතුරුදන් වූ දාපටන් ඔබ
අපට හැමදේ නැති වුනේ
ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
වඩින තෙක් ඔබ හිමියනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *