මේ කිරුල | Me Kirula by Amarasiri Peiris ft. Umaria Sinhawansha [2021]

මේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී

සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල
ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී

මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳකිඳුරු දේවී

මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී
නික්ම යයි සඳකිඳුරු දේවී

රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී

දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *