අම්මා අම්මා | Amma Amma by Gypsies with Sunil Perera

අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට

මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක්
සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක්
කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලා
මං සනසන්නකො කටයුත්තක් කරලා

උස වෙන්නත් හොඳ නෑ මිටි වෙන්නත් හොඳ නෑ
මාගේ තරමට ගරලපෙන්නත් ඕනෑ
කළු වෙන්න්ත් හොඳ නෑ සුදු වෙන්නත් හොඳ නෑ
මොනව වුණත් මට ඉක්මනටම ඕනෑ

පොල් ගහකුත් ඕනෑ දෙල් ගහකුත් ඕනෑ
ගේ දොර ඇඳ පුටු මුදල් හදල් ඕනෑ
රන් රිදී ඕනෑ මුතු මැණිකුත් ඕනෑ
මොනවා නැතත් මට
හාල් පොත නම් ඕනෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *