හොදි | Hodi by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

හා… හා… පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
මොකද්ද…?
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
එහෙම නැතුව
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද
කියන බොරු….
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා

පෝළිමේ ඉඳලා පිති පිතියේ හිර වෙලා
හත වැදිලයි ගෙදර එන්නේ වැඩට ගිහිල්ලා
හොදි ඕනෙම හින්දා පොල් ගෙඩි කටිනුත් එල්ලා…

පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
ඇත්ත තමයි…
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද…
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා…

හරි හැටි බිඳලා දුන්නත් ගාන්න කියලා
පොල් ගාන්න සිද්ධවෙන්නේ අපිටනේ හැමදා
හොදි ඕනෙම හින්දා මේක මහ වදයක් වෙනවා…

හයියෝ…
පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
ඇත්ත තමයි…
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද…
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply