ආශා දහසක් (සංගීතේ Teledrama Song) | Asha Dahasak (Sangeethe Teledrama Song) by Lavan Abhishek ft. Anura Priyakalum, Nilupul Bandara & Sachini Ranwaka [2019]

Sinhala song lyrics with music notes illustration

ආ ආ ආ ආ ආ ආ ආ

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

කඳුළු පුරවන් මොකෝ
සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසඟවා
තැවුල් කාටත් පොදුයි

සුසුම් හෙලලා සුළං වෙතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි

කඳුළු පිස දා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නේ මේ ලොවේ ජීවිතේ ජය මඟයි

සුසුම් මුසුවී තමයි සුළඟ හැදුනේ කියා
හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා

වදන් ඔවදන්
කර පෙන්වා..ලු
අතීතෙ ලස්සන මතකද

හිතේ ඇති දේ කියා ගන්න දවසක් මදි
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි

විවර කරනා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකියි

දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ

එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කළේ

සිතුම් සිතුවම්
සේ ගලපා..ලු
මතකෙට ස්තුති සැමට

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply