in Lavan Abhishek, Sangeethe Teledrama

තාමත් ආදරෙයි මං | Thamath Adarei Man by Lavan Abhishek [2020]

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳට
උණු කඳුලක් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලටම තියා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

banner

Leave a Reply