බිලියන්දල | Billiondala by Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

අවිදින්න පුළුවන් උන කාලේ ඉදලා මන් මේ බෝඩරේ වටේ බහින්නේ
අමුතු පැත්තක් මාර සැපක් ඒකයී බෝඩරේ නම රකින්නේ
ඉතාම සීමීත පිරිසක් තමයී හැන්ගිලා රේන්ද කැලේ ඇදෙන්නේ
බහුතරයක් පැහැදිලී උන්ට මේවා දන්නවා වැස්ස වහින්නේ
ජීවත් වෙන පළාත තමයී කෙනෙක්ගේ හදන්නේ චරිතේ
උඹලා එකගයිද මම හරිනේ?
කටුකාල නලුකාලා නඩුකාලා නැත්තම් අත්දැකිම් මදිනේ
බේරීලා ඉන්න පුරුදුකරපු නිසයී මේ බෝඩරේ අපිට වටින්නේ!

කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
මේ කෙල්ලන්ගේ මාරයී සෝබනේ
කලාබාන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
පිළියන්දල ආතල් දාන බෝඩරේ//

බුරන්නේ කව්ද ඔය කවරු කලත් ඝෝශා
හුනස්නෙන් නැගිටීම සුදුසුයී එද්දී Smokaa
මේ මුහුදේ මමයී මිනීමරු මෝරා
මූණ දැක්කත් යයී ඇඟ කිලි පෝලා

ඒයී ඉන්නේ ලංකාව හොල්ලන්
සෙල්ලමේ උඩ ඉන්නේ Biliondala කොල්ලන්
පුලූඋකුලාක් ඇති දෙපලු දොදොල්වන්
මේ කෙල්ලන් අපි දිහා බලන් ඉන්නේ වෙලා හොල්මන්
බෑ හොල්ලන්න අපි වටේ රැඳෙන්න බෑ බොල්නම්
තොදොල් වෙන්නෑ ඇබරෙන්නෑ අතට ගන්නේ යකඩ පොල්ලක්
නවයක් නෙවෙයී ඕනේ මිලිමීටර් දොලහක්
මගේ වටේ තියගන්නෑ නැති උන් මේලෝ රහක්

මේ බෝඩරේ පාට
සෙල්ලමට ආදරෙයී අපිතමයී මේ රස්නේ බෝකලේ පාට
ඇයී මූණ පොඩි උනේ ඕකනේ පාට
අපි සාමේන් සැපේ ඉන්නේ ඔන්නෑ මරාගන්න

කොල්ලන්ගේ තාදයී මෝස්තරේ…

තියන උණ පෙන්නයී කටින් දුන් වළලු පිටවී
හීන මූණ පෙන්නයී අඩක් නෙත්කව්ලු පියවී
ගැත්වෙන හිත්නම් අවසන් දැන් ලිවයී
පිළියන්දල වැනුම ගලපන්නම් කවියකින්

යාප පටුන දින්න සපුමල් කුමරූ
කොට්ටේ රජු දකින්න යන අතරතුරලූ
සුරපුර වන්වූ තැනකි ගිමන්ලූ
පිලි ඇන්ද උනදිය උනෙ පිලියන්දලලූ

ඇත බෝ පිරිසක් රටටම කෙලවූ
අපි වගේ කව්රුත් නෑ ලංකාවම හෙලවූ
බිලියන ගානක් වටින චරිත නිමවූ
කරුනින් පිළියන්දල දැන් බිලියන්දලලූ

එකයී මේකයී අරකයී අපිට එකයී කෝකත්
පිලියන්දලයී උබලයී වදන් වලියක් යන්ඩ ඕනෑ
මලුයා මැකා රීසී සයීකෝ කීෆා ස්මෝකා
තනි තනියෙන් හරි එන්නම් කව්ද මුලින් ඕනා?

කොල්ලන්ගේ තාදයී මෝස්තරේ…

written by Kevin Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply