බස් එකේ | Bus Eke by Funky Dirt [2013]

Sinhala song lyrics with music notes illustration

බස් එකේ දැක්කේ – මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා – මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ – ඒ ලඟම හදත් ගත්තේ..

වංගු ලාල ලාල ලාල ලා…
වංගු ලාල ලාල ලාල ලා…//

හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ..
මැවේවි හයිලෙවල් පාරේ..

ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ – ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ – ලඟින් ඉන්නෙ
සාරි අදින – ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ…

වංගු ලාල ලාල ලාල ලා…
වංගු ලාල ලාල ලාල ලා…//

කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ…

බස් එකේ දැක්කේ…//

written by Murshad Huvais

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply