දෙතොල් මගේම නම් | Dethol Magema Nam by DADDY

දෙතොල් මගේම නම්
රැයින් රැයට ඉර පායනකන්
රස කර කර සිප ගන්නම්

දෙනෙත් මගේමනම්
අඳුරින් දෙනෙත් මගෙ නැහැවෙනකන්
නිල් ඇස් දෙක දෙසම බලන්නම්
සඳ ගිලී ඉර වැටෙනකන්
තුරුලු වී තොල් පෙති සිඹින්නම්
දිනෙක අඳුරින් නැහැවෙනකන්
නිතර නිල් ඇස් දෙස බලන්නම්
සිත රිදවා හැඬවූ ආදර කතාව
තවදුරටත් එහි ලැගුම් නොගන්නා
කොටසක් කරන්න මොහොතින් මොහොතම
ඇය ළඟ සිටිමින් ඇය දෙස බලමින් සනසන්නම්

ඔව් ඔබ මගේම නම්
මගෙන් ඇගෙ සිත පෑරේ නම්
කඳුළු බිඳු ඇගෙ නෙත් තෙමයි නම්
ඇගේ සිත වෙන කෙනෙකුගේ නම්
ගැයූ පද අමතක කරන්නම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *