ලැබුනෝතින් වරම් | Labunothin Waram by Shanuka Ekanayake

Sinhala song lyrics with music notes illustration

ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමි මෙමා
හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා
දෑසම රිදවා මා
ආ දුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

රෑක තනියම නැවතිලා
මතක ළඟ නුඹෙ රුව සොයා
පාලුවෙම මම සක්මන් කළා
ආයේ නුඹ නොයෙනා නියා
තේරුනත් තිත නෑ තියා
ආදරය තව ඇති ලිය ලියා
හීන බිඳදමලා මා
ආ නමුත් හැරදා
තාම හිත බැඳිලා මිදී නොයා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

written by Umera Pathirana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply