ඔය ඇස් කතා කරනවා | Oya As Katha Karanawa by Harsha Dhanosh [2020]

Sinhala song lyrics with music notes illustration

එක හීන රෑක
හීන දෑත දෑත
යා වෙලා

හිම රේණු නෑවී නෑවී
තුරුලු වෙලා

ඔබ නේද ඈත ඈත ඈත
පාවෙලා

හිත ආයේ අයේ ආයේ
හොයන කෙනා

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරි මල් වියේ නැවතිලා
ඉන්නට දිවිපුරා

හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරි මල් වියේ නැවතිලා
ඉන්නට දිවිපුරා

හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

කොපුල් සිබින යාමයේ
පබලු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා

හැගුම් සුවද මාරුතේ
මුකුළු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලි වෙලා
ඉන්න ඇස්වහ වදින්න එපා

පුරුදුත් වගේ දැනෙනවා
පෙර බවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරි මල් වියේ නැවතිලා
ඉන්නට දිවිපුරා

හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply