සඳවදනී | Sandawadani by Romano Fernando ft. Kaizer Kaiz [2020]

Sinhala song lyrics with music notes illustration

සඳවදනී ආදරේ කියන්න
රූ රැයේ මා දැනේ දෑස ගාව
ඉකිබින්ද සිහිනයේ පාට ගෑව
පහුරුගානා චේතනා තේරුනාද

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත…

රෙදි යාරයක් දෙකක් ඒක මාරම කිටක්
අම්මප දැකල නෑ මේ වගෙ පිටක්
පළවෙනි පාරට ඉම්බම ටිකක්
මගෙ තොල් රතු වුණා බං කාල වගෙ විටක්

අත ගන්න බලාන කෝටියක් පෝළිමේ
මගෙ කරගත්තෙත් පුරවල පෝරමේ
බාර් එකෙ හිටපු මං උඹ එක්ක කාර් එකේ
ටයර් ගෙවෙනකන් චාරිකා රට වටේ

කාටත් දෙවෙනි නෑ මේ නංගියා
පොඩ්ඩක් ඇත්තන් පැටලෙයි හරි චන්ඩියා
එයා එක පාරක් බැලුවම හොරෙන් මං දිහා
දුක සාංකාව එහෙනම් කොල්ලො මං ගියා

ඈ ලං වුණානේ රෑ පේන හීනේ
ඒ ගෙවුණු කාලේ
සිහින අස්සේ තාම ගැස්සේ
මේ සේද වැස්සේ හිමිවේද කවුද දන්නේ
මා පැතුව ආලේ
පපුව අස්සේ පපුව අස්සේ

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply