විරාමයක් | Wiramayak by Maduwa [2022]

Sinhala song lyrics with music notes illustration

විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක
දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි
ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න
බෙහෙත් බොනවද අමතක වෙන්න
ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න
තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න

මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මත‍යෙනුත් අරන් යන්න

එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න
යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න
එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න
මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න

විහිලුවක් කලත් මුහුන එල්ලන
බය වුණත් හයියෙන් මාව අල්ලන්
පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්
විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්

අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන
අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන
සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න
අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න

එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම
ලස්සන කටහඬ අහගෙන දවසම
දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට
මෙච්චර කාලයක් කල්පනා ලෝක

ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්
අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්
හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්
සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්

දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා
උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා
අමතක කරන්න කියලා අපි බිව්වම
එතනත් ඔයා කරපු වැරදි මතක් උනා

ඉල්ලපු දේ ගෙනත් දුන්නා
හැමදේම අමතක මං කරලා
විසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා

ඉන්නට බෑ කිව්ව එක මොහොතක්
ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත්
එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත්

මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply