in Bathiya & Santhush

සෙව්වන්දි පායා | Sewwandi Paya by Bathiya & Santhush [2021]

සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත අල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා

සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි ද මා ආශා පවා රෑ දිවා

කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

Leave a Reply