වරුවක් | Waruwak by GAYYA [2023]

Sinhala song lyrics with music notes illustration

කොලොම්පුරේට හද පායලා
වලාගෙන ගී පිරිච්ච තාරකා දැල්වුනා
අනන්ත අප්‍රමාන වේදනා
මේ කී සරාගී චේතනා යලිත් පිබි දුනා

ඇහැට කනට පෙනෙන
නාරිලතා වලලු මාල දමා
හැඩට පාද තබා රගදෙනා

උකුල නිතබ පද්ද පද්ද නලෝලා
රතිය කුපිත කරෝලා
නෙතගින් කතා කරනා

හීතලේ රාත්‍රියේ තුරුලු වීලා
මීවිතෙන් මත්වී වෙලීලා
යහන් ගැබේ විදින්න සුව
යමින් අගනන් සොයා

සේද සලු ඉවතලා
උනුහුමෙන් ඈ දොවා
සිල් කඩා බිද දමා

තොලොන්චි වෙන්නෙමි මෙමා
වෙනතක් බලා
හද එලියටත් හොරා
යලිත් වෙමි හුදකලා
වරුවක් සෙනෙහස පුදා //

සවන් පිනාවී එහි වාදනා
ඇසෙන්නේ ඈත මානයෙන්
මියුරු ගායනා
කරන්නේ කුමටද චෝදනා
විදින්න මේ තියෙන්නේ
දිව්‍ය්ය ලෝකේ තව්තිසා

පදම නොබලා ලගට නවලා ගසා
විස්කි බැරැන්ඩි වැදිච්ච කොල්ලො
චාලි සොයා ඇදෙන්නා

ලගදි අපොස ලියලා
හුස්ම නොගත්තු ලපටි
කෙල්ලෝ කුරුට්ටෝ
හතර ගාතේ ඇදී වැටෙනා

හීතලේ රාත්‍රියේ තුරුලු වීලා…

සේද සලු ඉවතලා…

තොලොන්චි වෙන්නෙමි මෙමා…

written by Gayan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply