මිසිස් පෙරේරා | Mrs. Perera by Mihindu Ariyaratne ft. Samith Priyal

රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ල
මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ
කිසිම ගතියක් නෑ

සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්ද
වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව
සද්දේ නෑනේ, ඇයත් නෑනේ
කිසිම ගතියක් නෑ

නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?

Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්
අයියෝ Mrs.Perera

දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය
මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ
ඈව දකින නිසා

රෑට කන්න තිබුනු බත් එක මිස් වෙනවා රෑට
ඇයත් එක්ක චාටු වදන් කියලා රෑට රෑට, දන්නේ නෑනේ, හිතුනේ නෑනේ
අපිට පාඩුයි කියා

නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමන් ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?

Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්
අයියෝ Mrs.Perera

යන්න යනවා මම ඩුබායි
ඉන්න බෑ මට දැන් දුකායි
අම්මා කිව්වේත් ඔය ටිකායි
කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට

Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්

written by Manuranga Wijesekara

Song Summary

This song captures urban loneliness, heartbreak, and quiet despair through the lens of a man left behind after the woman he loved is married off and moves abroad.

Song Meaning

The song portrays a man wandering through Colombo at night, feeling emotionally empty despite the familiar city sounds and routines. The wind, silence, and small daily moments highlight his loneliness after losing the woman he loved, now married and living overseas. Ordinary things—eating dinner, showering, sleeping—trigger memories and pain he tries to suppress.

The repeated reference to “Mrs. Perera” symbolizes how love has been formalized and taken away by social expectations, money, and migration. The singer questions why she was given to someone else and reflects on class pressure, financial struggle, and the harsh reality of families choosing security over love.

Ultimately, the song expresses resignation: heartbreak mixed with dark humor, acceptance, and the idea of leaving the country himself to escape pain.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *