මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා
අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා
පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා
අතදරුවා
මැදියම් වෙලාවේ
මට බෑ බලාගන්න ළමයි
මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි
නුඹ දුන්නේ මට තනිකමයි
නුඹයි මෝහිණී මහසෝනා මමයි
අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල
ඔක්කොම ගෑණු යක්කු කොර
වශී කරන දෙනෙත ඈගේ
ලෝකෙම දුලබ මැණික මාගේ
ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා
අපි Edward & Bella වාගේ
දෙන්නම එකට දඩයම් කෙරුවේ
අද මා තනිකරලා නුඹ missing වෙලා
අතදරුවා
මැදියම් වෙලාවේ
සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
written by Sanuka Wickramasinghe
Leave a Reply