විසිතුරු මල් | Wisithuru Mal by Yuki Navaratne [2023]

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි

ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්

මන්දාරම් විලේ ///

අපි යමු නොරැඳී – කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී – බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් – එගොඩ උනොතින්
මං ආව ගමනේ – අවසානය ඉතින්

මේ හැන්දෑවේ .. අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

written by Yuki Navaratne

ඈ හා | Ae Ha by Ridma Weerawardena [2023]

ඈ හා – තනිකම හුරුකම අතරේ මා හා
ඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
මේ ගමන නවතින්නේ දැන්

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

written by Manuranga Wijesekara

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]

යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​

written by Dr.Asha Abeysekara

kasun kalhara,kasun kalhara new,kasun kalhara songs,kasun kalhara videos,kasun,naada yaathra,kasun 2023,naada,classical song,sinhala new songs,sinhala new videos,official video,acoustic songs,songs,music,matath kaviyak,kasun kalhara nonstop kasun kalhara,songs kasun kalhara,kasun kalhara mal mitak thiyanna,mal mitak thiyanna kasun kalhara,kasun,mal mitak thiyanna lyrics,mal mitak lyrics,mal mitak thiyanna,mal mitak,mal mitak thiyanna raspet,kasun kalhara songs,kasun kalhara nonstop,best of kasun kalhara

සොබනා | Sobana by Ridma Weerawardena [2023]

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

written by Nisal Gamage

ඈ සුරඟනක්ද | Ae Suraganakda by Anju Warnakula [2023]

රුවැත්තියක් සිනාසුනා
හොරැහින් හදිස්සියේ
වෂීවෙලා මං බලන් හිටියා

හැගුම් පොදක් හිතේ තියන්
තනියෙන් නිසන්සලේ
පෙමක් පතා මං පෙරුම් පිරුවා

නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතක් ගැහෙහි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි
දන්නවා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා //

උන්මාද රූ අංගනා
දවසක ඔයා
මගෙමයි සදා

දිවුරන්නේ සත්තයි සෑමදා
හුස්මක් වෙලා
ඉන්නම් කියා

ඇස් දිහා මං බැලුවා
මුසපත් වෙලා දිලිසෙන නිසා
සිප ගන්න ආසයී ලං වෙලා
සුළඟක් වෙලා එන්නම් සොයා

නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතක් ගැහෙහි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි
දන්නවා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා //

written by Sampath Fernandopulle

හැමරෑම | Hama Raama by Samitha Mudunkotuwa [2023]

හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන්
නිල් කටරොඩු මල් ඉම්බ
හැටි මතකද
ම්ම්ම් හා හා

හැමරෑම මං එක්ක

මටම අයිති නැති පපුවක
සිතුවම් කල
මගෙ හීනෙක
එක පාරක් පන පොවන්න
ඇය රවටා එන්න බැරිද
ම්ම්ම් හා හා

හැමරෑම

හිමි නොවෙනා බව දැන දැන
කරකැවෙනා බබරෙක් නුඹ
මම ආසයි එය දැන දැන
ඔය සුසුමට රැවටෙන්නට
ම්ම්ම් හා හා හා

හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන් නිල් කටරොලු
මල් ඉම්බ හැටි මතකද

written by Akila Vimanga Senavirathna

යන්නම් | Yannam by Nisal Gamage [2023]

දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ

යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා

නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ

written by Nisal Gamage

නුඹට මතකද | Numbata Mathakada by Yuki Navaratne & Ravi Jay

අද ඔය දෙතොලෙ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා //

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි
නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින
නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි
අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට
අත නොතියම මම අත හැරිය

රණ තිසරෝ
නුඹ ඔය ගෙනයන හදවත මගේ
හදවත මගේ
මුතු බඹරෝ
නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ
දෙනයන මගේ

අද ඔය දෙතොලෙ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා //

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද ///

written by Yuki Navaratne & Ravi Jay

මා ඉතින් | Ma Ithin Ynna Yanawa by Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා.
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

නුඹ සදක් වෙලා පායා
මට එළිය වූ වගයි
නුඹ සදක් සේම බැසයයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

සද එළිය අයිති ලොවටයි
සද අ‍යිති අහසටයි
පිණි කදුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

written by Rathna Sri Wijesinghe

ආදර පුරුද්ද | Adara Purudda by Lakshana Lakmini ft. Tharindu D

සිහින පීරමින්
හෙව්වේම මම
පපුතුරක රළු පහස
නෙතු පියන් වැහෙන්නම
ඒ උණුහුමට ඔබ ගාව

ආදරය කියන්නෙම
පුරුද්දක් හිත දවන
ඉරි තැලි පොඩි වෙද්දි
කාන්සිය දුරු කරන

සිහිනයක් කියන්නෙම
මියැදෙන්න අර අදින
ඔබ ළඟම ගුලි වෙන්න
හිත ආස නිමේෂෙට

written by Lakshika Rathnayaka

tharindu damsara,tharindu,damsara,sinhala songs,sihin peeramin,adara,adara purudda,rathnayaka,sihina,purudda,lakshana,sri lanka,lakshika rathnayaka,sanjula himala,lakshana lakmini,lakmini,peeramin tharindu damsara,tharindu damsara songs,tharindu damsara album,adara purudda,ruhunuketha dhammadewa,numba nomathi dihawaka,radical paththini,tharindu,kalwai kandu pamula,premaye pawathinna,lakshika rathnayaka,sinhala songs,purudda,damsara,sasthara,kontha tharueli,rathnayaka,new sinhala songs,kumari sapase nidi,kolaba ahase,reazon records,obath ada nathi,mage banda wata,lakshana,lakshana lakmini,mamath ada nathi,new songs,prema sajjayanaya,adara

tharindu damsara,tharindu damsara songs,tharindu damsara album,adara purudda,kalwai kandu pamula,mamath ada nathi,damsara,tharindu,obath ada nathi,kumari sapase nidi,kolaba ahase,sinhala songs,purudda,reazon records,ruhunuketha dhammadewa,mage banda wata,new sinhala songs,radical paththini,premaye pawathinna,numba nomathi dihawaka,3rd eye cinema,kontha tharueli,lakshana lakmini,lakshana,prema sajjayanaya,new songs,rathnayaka,lakshika rathnayaka