in Cozzy, Jeewaka Weerasinghe, Jo Perera, Tanvi Shah

බාල කාලේ | Baala Kaale by Jo Perera ft. Tanvi Shah [2025]

බාල කාලේ බැන්ද ආලේ
තාම මේ හිතේ
මතකෙට එන වාර ගාන
දන්නේ නුඹ නොවේ
හීන පේන යාමේ
මං ගාව ඔය රුවේ
ලැබුණා මේ සංසාරේ…//

හිත නුඹ ළඟ
ගත නුඹ ළඟ
නෙත නුඹ ළඟ
හැමවේලේ

හිතන පතන
කියන කරන
අහන දකින
නුඹෙ ආලේ

පිනවා හද
දණුනා මට
දිනුවා අද
අපි ප්‍රේමේ

නුඹ හා මේ සංසාරේ

මේ හැඟුමේ රැඳිලා
මං ඉන්නේ ඔය දෑතේ වෙලිලා
ආකාසේ තරු හා
මං කිව්වා ඔබ ඉන්නේ ළඟ මා

සාගරයේ රළ හා
දුර ආවාදෝ නොබිඳී මා හා
පණ සේ රන්දා පෙම මා වින්දා
රැජිණ හිතේ නුඹයි මා සදා

හිත නුඹ ළඟ…

හිතන පතන…

පිනවා හද…

නුඹ හා මේ සංසාරේ..

written by Jeewaka Weerasinghe

Leave a Reply