in Chamara Fernando

නුඹට ඉන්නට තිබුනා | Nubata Innata Thibuna by Chamara Fernando

බිමට නැමි ඉති.. ඉද්ද මල් මැද
ඉවරයක් නැතී.. කතා කිය කිය
දෑත් පටලන්.. ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ලග

නුඹට මා ලියූ.. කවිත් එක දෙක
මියුරු ස්වරයකින්.. ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

සිහින් සීතල.. ගත වෙලෙන විට
උරහිසේ හිස.. හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

රැයේ සීතලේ.. ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී.. සුවය විද විද
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

Leave a Reply