in Charitha Attalage, Manasick, Sinhala Rap

සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
වෙනදා මෙන්
සුවද නැතේ

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න

පරසතු සුවදක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

පරසතු කුසුමක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

කදුලු පිලියමක්
නුඹට වියැකෙන හල් මිටි
සමාජේ අනියම දායි
නුඹගේ කර පිටින්

සිනමා හිරේ
අපගේ යතාර්ථයක්
කනපිටින්
පදාර්ථයේ පිටපතක්
කුසේ උබේ පනපිටින්

යදින්නෙපා
විද සිදලන්න බැරි දොලදුකක්

උඹේ කාලේ පාරේ
උඹේ භාර්‍යාව ගැරහුවත්

මගේ රහසක
රිදී නිම්නයක
කලබල නියන්පත්
කිනම් ඩිම්බයක

ගිනි තියන් උබේ
නෙගටිව් පටි
ඔය හැසිරීම
මට ගබ්සා දොරටු අරී

වීරයන්ට දැන්
උඹේ ආතමාර්තකාමි
වග නොකියන්න ජාතකේට
මා ප්‍රාර්ථනාවී

තිබුනට කඩතුරා
ගැබක් උඹ දාරාගෙන

උඹේ පරාජය
ලතවෙන්නෙ ලය පලාගෙන
වෛයිරය වේද
මහ මතකයන් පලා යන
දෙන්න මට සැලොන
සිහිනෙට මගේ පලා යන්න

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

නිබද දෙව් දූ
සියත වලා බැමි
මුහුරස උර දැක්මේ කඩා වැටී
මා දළු රෝස පලයට
හඩා වැටී
පුරා සකුරා සිසිරේ
පතනවා ඇති

චරිත
මානසික්
වෙස්ට්නාහිර

written by Charitha Attalage & Manasick

Leave a Reply