රඟනා | Rangana by DADDY [2020]

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

ඔබෙ මුහුණත් හුරුයි
මගේ බිරිදත්
ඔබ මෙන් හැඩයි
මට නම් සැකයි
මගේ සගයන්
ඔබ දෙස බලයි
ඒ රතු තොල් අතරේ
මදුවිත ඉහිරේ

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

මේ ගීතය දිගයි
මම ගැයුවේ තනුවෙන් පිටයි
ඔබ දෑසින් අසයි
හිත ඇතුලෙන් මා අසරණයි
ඈගේ සුව ලැමැදේ
මගේ නෙත් පැටලේ

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

රගනා
ඔබ කවුරුන්දෝ
ඔහු හා
මා සිත දවනා
නවතා
යනු බෑ ගීතේ ගයනා
නොබලන් මා දෙස
මිතුරී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ටිකෙන් ටික | Tiken Tika by DADDY

ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්

පොත් මිටියක් මල් කලබක්
ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ
සුරතේ සතුටු සිනා මැද්දේ

මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ

සිතා ගන්න බෑ

ටිකෙන් ටික බිදෙන් බිඳ
අපි ආවද මේ තරම්
දුර……….
මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන

විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

දඟලන්න බෑ | Dangalanna Baa by DADDY

මම බැදලා
මම බැදලා
උඹ බැදලා ද?

දගලන්න බෑ ඉස්සර වගේ
ඉවසන බෑ මේ කරදරේ
මට ඉන්න බෑ පඹයෙක් වගේ
හැරයන්න බෑ හිතටයි වදේ

තනිවෙන්න බෑ සැකයයි ඇගේ
සෙට් වෙන්න බෑ වෙනදා වගේ
හමුවෙන්න බෑ මිතුරියෝ මගේ
මට දැනෙනවා බැන්දම රගේ

ඔබේ ආලේ නිසා ඔබ මා සිරකලා
මගේ හැගුමන් ඔබ යටපත් කලා
නිතර කීකරු වෙලා ඉන්න මම ට්‍රයි කලා
ඒත් බැන්දම දුක මට තේරුනා

ඇය කිව්වා මං ඇගේ පණ වගෙ
ඇගේ මුලු ආදරේ විතරයි හොදේ
පණ දෙන්න නම් මිතුරියෝ අනේ
මට ඉන්නවා ලෝකය වටේ

මට බෑ

 

වරෙං යන්න | Waren Yanna by Daddy

වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම

සතයක් වත් නැතිව නොමිලේ,
හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
ගැන ඇහුවා – දැන ගන්තා – කල කිරුණා

බඩට ගැහුවෙ කවුද – ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන – ගැන්සි හදාගෙන – සද්ද දමාගෙන
දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම – හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද..

ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

ජීවත් වෙන්න – ජීවය මෙන්න

කදුළු පුරවාගෙන‍ – දවසම අඩන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා – බැනල බෙර ගහල
ලොවට පෙන්නාපු කෙල්ලො
හලපු පොරවල් දැක්කා
තැන් තැන්වල පච වෙනවා

වැරැද්ද කාගේද – නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇදුම ඇදගෙන – අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම – අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද

ජීවත් වෙන්න
මෙන්න මගෙ අත ගන්න
විදින්න ආදරේ ලබන්න
ආදරේ කරන්න
ඉතින්, වරක් කිව්ව හොද සැපක් අරන්
හෙට මැරිල ගියත් මොකද

වරෙන් යන්න අපිත් එක්ක
බැරිනම් ගෙදරට වෙල ඉන්න
බැනුම් අහල මදි වගෙ නම්
ගෑනුන්ගෙන් ගුටි කන්න..
(කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

නිලුපුල් දෙනෙතයි | Nilupul Denethai by DADDY

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි
ඔබ මා ළංවූවා
මගේ හද නිසලයි ඔබවම ඈඳී
සිත අසරණ වෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

ඔබ මා ඇමතූ මුල් දින සැනෙකින්
මගේ මුව ගොළු වූවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලතවෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

සතුටින් ඉන්න | Sathutin Inna by DADDY [2019]

සතුටයි සැමදා
ඔබ මා හැම ජීවත් කලෙ
දුක් වී පල නෑ
මේ සොදුරු ජීවන ගමනේ
සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

හරිදේ හරිද
සතුටේ උපත එතනයි
දුන් දේ සුවදයු
දුන්නොත් ලැබෙනවා නියතයි

සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

 

ආලේ | Aaley by DADDY

කළු පාට හමට දෙන්නේ නැද්ද හාදුවක්
අද ලස්සන වුනෙ කොහොමද
වෙනදට ටිකක්
මනමාල කමට නෙවෙයි කලේ විහිලුවක්
හදේ ගැඹුරේ… සැගවී තිබෙනා…

කල් යන්න යන්න පපුවට දැනෙනව බයක්
ලග ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනවා කදුළුත් ටිකක්

හදේ… ගැඹුරේ… සැගවී තිබෙනා…ඒ..
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…

අපි ආදරෙ කරනව දැන් දිගු කාලයක්
බැරිවුණා අරන් දෙන්න තාම මාලයක්
තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්
හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ

ඔය හිතන හිතන දේ කරන්න බෑ මටත්
ළග ඇත්තේ ටිකයි
ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ

ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…

හාදු වුනත්
මුව ගාව නැතත්…
කිසි දිනෙකදි නෑ… දැනුනේ…

කා…සි ගොඩක්
මං ගා…ව නැතත්…
නැතුවද… අගනේ…
ඔබටම… බැදි මා…ගේ…

ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
ආලේ… නෑ නේ… ඕනේ…
නෑ නේ… ඕනේ…

 

 

Download the Official Audio from Here!!!

 

එල්ලුම් ගහ | Ellung Gaha by Daddy

ගණන් කාර කෙල්ලෝ එක්ක
එකට උන්නු කාලෙ ඉවර‍යි…
සතේ නැතුව බොක්ක දුන්න
කොල්ලො එක්ක අපි සාමෙ තම‍යි..
ලොරි කතා ඇද බබා…ඉන්න එවුන් කඩ‍යක් තමා..
කටු කකා ගුටි කකා…ඉන්න කොල්ලො සුපිරිම හින්දා…

එල්ලුම් ගහ ‍යට සෙල්ලම් අපි කෙරුව‍යි…
අපිට නඩුත් විසි හ‍ය‍යි…
පරක්කු නෑ අපි තාමත් නළුවො තම‍යි…
Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුව‍යි..
දුකක් නැතුව නොවෙම‍යි..
හිත හදාගන්න වෙලාව මේක තම‍යි..

වංගු දාන අපිත් එක්ක
චන්ඩි කෙල්ලො හිටි‍යා මතක‍යි..
කකුල් දෙකට අඩි‍ය ඇලුන
සෙරෙප්පු දෙක තාමත් මතක‍යි..
Sorry වෙලා worry වෙලා…ඉන්න අපිට දැන් ටොපි එපා..
කොර වෙලා බොර වෙලා…දාපු disco ඉවරද මන්දා..

එල්ලුම් ගහ ‍යට සෙල්ලම් අපි කෙරුව‍යි…
අපිට නඩුත් විසි හ‍ය‍යි…
පරක්කු නෑ අපි තාමත් නළුවො තම‍යි…
Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුව‍යි..
දුකක් නැතුව නොවෙම‍යි..
හිත හදාගන්න වෙලාව මේක තම‍යි..

චන්ද්‍රරයන් පිදූ | Chandrayan Pidu by DADDY

සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
මාගේ දිවියේ… අන්දකාරේ…
ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
පැතුමන් අදුරේ…සිර වූයේ…
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

වසන්තයයි මාගේ දෙතොලේ…
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
හැගේ සිතේ නිසන්සලේ…
රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

SMS – Daddy

සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ
මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ
සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ

උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්,
වචන රචන කරන එකම ක්‍රමය

ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ,
Read කරල erase කලොත් අහුවෙන්නෑ,
කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං,
වචන රචන කරන එකම ක්‍රමය sms

මම යැවුව hello sweet කෙල්ලෙ ඔයා කොහෙද කියල,
එයා අහල එවුව හවසට අපි හමුවෙමුදැයි කියල,
type කරල කොතැන කීයටදයි දැනගන්නට ඕන,
ඒත් credit නෑනෙ phone එකෙන් messagesම ගහලා

උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
වචන රචන කරන එකම ක්‍රමය sms

උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
මටත් නිදිමත එනකං, මට reply එනකං,
Battery බැහැලම යනකං, ඉරිදට පල්ලි යන ගමන්,
සඳුදට පන්ති යනගමන්, මස්සින ගෙදර ඉන්නකං,
ගහ යට බලන් ඉන්නකං, ආදරෙ කියාගන්නකං,
ඇගෙ සිත දිනාගන්නකං, දින තුන හතරක් ගෙවුනත්,
අතේ ඇඟිලි රිදෙනකල්, sms කර කර හිටපන් පන් පන්