අහස් ගැබේ පාවෙවී
වළාකුලේ හැපී හැපී //
යන්නට ආසයි අපි අපි
ලොවක් දිනන්නෙත් අපි අපි
සමතුන් වෙන්නේ අපි අපි
ඈතට ඈතට පාවෙලා යන්න
මේ බස් එක දැන් ප්ලේන් එකක් වෙන්න //
ගැස්සෙන පැද්දෙන බස් එකක්
අහසට ඉස්සෙන ප්ලේන් එකක් //
පොඩි වුන් පොඩියට පොඩි විදිහට ඉන්න
ලොකු වැඩ කරන්න බැරි බව දැන ගන්න //
දවසක් දවසක් එනවා
අපිත් හැබැයි ලොකු වෙනවා //
පුංචි අපි දවසක ලොකු වෙන්නේ
පුංචි අපි ලොව සමතුන් වන්නේ //
අහස් ගැබේ පාවෙවී…
යන්නට ආසයි අපි අපි…
ඈතට ඈතට පාවෙලා යන්න…
written by Nandana Wickramage