මතකය ඔබේ හදවත පුරා
දැල්වී රැඳේ මේ දිවිතුරා
හැබැහින් වගේ තුරුළට වෙලා
ඔබ මේ දැනුත් මගේ ළඟ ඉන්නවා
මගේ ජීවිතේ පදනම ඔයා
පණ සේ වගේ මට වටිනවා
සංසාරේ හමුවී මේ ලෙසින්
ළං වේවා ඔබ මා ආදරෙන්
නිම නේනා දැනෙනා දුක් හැඟුම්
සැබැවින් මා ඔබගේමයි ඉතින්
මට ඔයා හිමිවෙලා
ආදරේ හමුවෙලා
මට ඔයාගෙන් එහා
ලෝකයක් නැති නිසා
හිත හදාගන්න බෑ
ඉවසලා සැනසිලා
මට ඔයාගෙන් එහා
ලෝකයක් නැති නිසා
written by Nuwan Dilip