හමුවූ තැන්වල | Hamuwu Thanwala by Tharindu Jayasinghe

හමුවූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවූ දොල නොසිදී ගලා යතී
ඉරත් හඳත් ඒ එලියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමුවූ තැන්වල
මල් පිපී ඇතී

දෝණී නුඹේ තුරුලේ හිඳ නිදනවද
කරදිය සුලං වැදිලා හිත තෙමෙනෙවද
හිමිසඳු ළඟදි ආදර බස් දොඩනවද
මතකය අලුත්වෙන්නට වෙර දරනවද

නවම් මහේ උපන්දිනය සිහිකරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි

written by Saman Kumara Aberathna