නයිල් නදී | Nile Nadee by Stereomiinds ft. Rashinie Gamage [2020]

ක්ෂිතිජ මායිම් පීරා ගේනා
සුවද ඔබගේ වින්දා
දෑත දැවටී උනුහුම් වූ මා
සිහිනයෙක් ලග උන්නා
ඈත සයුරේ දෑසේ මානා
ඒවිදෝඔ හිත කිව්වා
සීත මෝසම් වර්ෂාවේ මා
තෙමී නොතෙමී උන්නා

මාගේ හදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ලග සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්‍ර ශෝබා
නයිල් නදී ගං හැරයන්නා

ශ්වේත තවරා ස්වේද යහනා
මග බලා කල් ගෙව්වා
බමරු ඇවිදින් දෑත ඉල්ලා
නුඹ නේන බව කීවා

මැදුරු සීමා පවුරු බිදලා
එන්නදෝ මා සිතුවා
රොන් නුබේ වූ කුසුමකී මා
එන්න මා වෙත පියඹා

මාගේ හදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ලග සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්‍ර ශෝබා
නයිල් නදී ගං හැරයන්නා

ඩිජිටල් ප්‍රේමය | Digital Premaya by Stereomiinds ft. Rashinie [2019]

හැඟුම් උතුරන අවකාශේ..මා හද රඟහල් තැනුවා..
නුහුරු මානෙක දුටු නුඹගේ පෙම් දැහැනට සිත බැඳුනා..

සිතුසේ පිදෙනා පෙම් වදනින් සිත් යාවුනා..වදනින් සිත් යාවුනා..
රිසිසේ ඇඳෙනා පෙම් සිතුවම් හද රැවටුවා.. සිතුවම් හද රැවටුවා..

මා රහසේ වී හීන මැව්වා..
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම් මදහස රෑ සිහිනෙන් සෙව්වා..
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක මා හද පාවුනා…

මා රහසේ වී හීන මැව්වා..
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම් මදහස රෑ සිහිනෙන් සෙව්වා..
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක හද මංමුලා වූවා..

දැවෙන කතරක නෙතු අඳවී
ඔබ පෙවු මීවිත සෙව්වා
හුදකලාවේ මුව ගොලුවී
තනිවී රහසින් හැඩුවා

මහදේ වැයෙනා පෙම් රස ගී හඬ නෑසුනා..ගී හඬ නෑසුනා..
දෙතොලේ සිනහා වැල්.. ගැලු කඳුලින් සේදුනා..කඳුලින් සේදුනා..

ආත්මයේ මා | Athmaye Ma by Stereomiinds [2019]

සායම් බොඳවූ නගරේ..
මසුරන් සොයමින් ඇදෙනා..
සලෙලුන් හැඟුමන් මුදනා..
නෙක මර දූවරු ඇති යහනා..

මායම් පිරි මේ අඹරේ….
සැණකෙළි රූ හිත දවනා..
මධුවිත පිරෙනා ඇඳිවත නැසෙනා
රාගේ මායාවක්…

දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා..
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා..
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අඟනා..
ශෘංගාර නෙතඟින් මා දෙස බලා
රඟදෙන්නා…

රඟදෙන්නා…

නෙත් කැළුම් පිපුනු රන් සඳවත..
හෙලනා රාග හැඟුමන් මා වෙත..
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්..
නාරි රඟනා ඉම වෙත..
කාසි අහුරක් විසිකර….
දිවැසින් මාන බලමින් ඈ දෙස..
පැතුවා විඳගන්න නා දෙතොලේ..
සුසුමින් උණුහුම් මදහස..

तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे…

තුරුණු හදේහී ලියවී..
ගැයු ගීයක රස දැනුනා..
යුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇඳුනා..
පායා ආ සඳ සේදී කාලේ තිමිරෙන් වැසුනා..
වියපත් හදවත සුසුමක් හිරකර
සිතිජය වෙත ඇදුනා..

නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා..
ඒ ශෘංගාර ගත විඳින හද
රාගෙන් දැවුනා..
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..

ඔබ සොයනා..

නෙත් කැළුම් පිපුනු රන් සඳවත..
හෙලනා රාග හැඟුමන් මා වෙත..
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්..
නාරි රඟනා ඉම වෙත..
කාසි අහුරක් විසිකර ..
දිවැසින් මාන බලමින් ඈ දෙස..
පැතුවා විඳගන්න නා දෙතොලේ
සුසුමින් උණුහුම් මදහස..

तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे…

නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා..
ඒ ශෘංගාර ගත විඳින හද
රාගෙන් දැවුනා..
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..

ඔබ සොයනා..

तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे…
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..

तुरिया तुरिया जंदेटेरे..
मोडे ते बंधुके वे…
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..