මේ සඳ වුනත් | Me Sanda Unath by Buddhika Ushan

මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එළිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්
ඉවසම් දෝ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ

අයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක් කඳුළුත් නෑ
රැය ආවත් මම නෑ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ

ඉඟ සුඟ නලවන | Iga Suga Nalawana by Buddhika Ushan

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී….

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා….

සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන
සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දිලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ….

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා….

ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති හැම දිනකම ළඟ සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ…

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා….

ඔබ ඇයි ඉන්නේ | Oba Ai Inne by Buddhika Ushan

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
ඇයි ඔරවන්නේ හොරැහින් බලා
මා රිදවන්නේ නෑ යළි සදා
උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා
ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා
පායන්න නෙතු කැන් අගේ
මට දෙන්න ඔය පෙම් සුවේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

ඔයා මගේ පණ නිසා | Oya Mage Pana Nisa by Buddhika Ushan

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්න
අද හොයන්නේ ඔබේ උණුහුම විතරක්ම
හීන පුරෝගෙන දෑස පියාගෙන
හිඳින්නේ කොහොමද මා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

දුක දැනෙන්නේ මටමම විතරක්ද
හිත කියන්නේ ඔබ මගේමයි පිළිගන්න
කාට කියන්නද කොහොම දරන්නද
ඔබ නැති පාළුව මා

මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

සුවඳ සොයනා | Suwanda Soyana by Buddhika Ushan

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

රෑ පුරා හීන මල් වාස්ස ආදරී
රෝස මල් පෙත්ත සිප ගත්තු
මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි
ඈ ආදරේ දුන්නු සිත් ගත්තු

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

හිත පුරා ජිවිතේ අඳින සිතුවමේ
එනවාද නවතින්න හිත ඇත්තී
නැවතිලා මගේ හිත් අරණේ මුමුනලා
ආදරේ පවසන්න සුවදැත්තී

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

සුළඟට මුසුවන | Sulangata Musuwana by Buddhika Ushan

සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ

සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ

සීතල පැන් පොදක් දෙතොලඟ
උණුසුම් හාදුවක් නළලත
තබනවාද එබ පවසන්න මගෙ සඳ
ඒ පිනෙන් මට සමුගෙන යන්න

ළංවී එක්වරක් සවනට
යන්තම් තෙපලන්න හෙමිහිට
ආදරෙයි නේද මේ ඩිංග මට ඇති
රත්තරන් ඇස් දෙක වහගන්න