රහසේ මා | Rahase Ma by Dhyan Hewage ft. Mahiru Senarathne

සද නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුවමැද මම තනිවුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සද හැරගියේ

ආදරේ මා සොයනා…
චාරුවේ ඈ නිවෙනා…
දෑසමානේ පේනදේ ….නොවේ… මා
තාලයේ ඈ විදිනා….
මීමතේ මා පොවනා…
හීනයායේ නුබ තියා මිදුනා….මා

මා යාවෙනා……දෙතොල හා
තබා ලූ රටා…රහසෙ මා

සද නොපෙනෙන හැමරැය නුබේ
ළැම සුවමැද මම තනිවුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සද හැරගියේ

written by Buddhi Sandeepa

dhyan hewage,dhyan hewage songs,sinhala new songs,me hitha na palu,sinhala edm,rashan,rashan balasooriya,hanthaney,sri lanka,new sinhala songs,sri lankan hip hop,sinhala songs 2022,sinhala pop,pem sithuwam,samith gomes,sl new music,sinhala sindu,yuki navaratne,kisha creations,sri lankan music,new music friday,mrec entertainment,trending,westnahria,drill team,lost stories,kshmir

පෙම් සිතුවම් | Pem Sithuwam by Dhyan Hewage & Rashan

නූඹ ගාව මම මැවු හීන බොඳවීලා
කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා
හඳ නේන කළුවර රෑක තනියෙන් මා හා
දැකලාද තරුකැට හීතලේ හැඬුවා

ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

නුඹ කීව ඒ පෙම් ගීත ගොළුවීලා
දඟ පෑව කෙළිලොල් දෑස කෝ සොයනා
සුව වින්ද ඒ මල් යාය ළඟ හිත මා
රන්දා හදේ සෝ දුක් සෙමින් නිවුනා

ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

Written by Dhyan Hewage

මේ හිත නෑ පාළු | Me Hitha Na Palu by Dhyan Hewage ft. Yuki Navaratne

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

පියවී | Piyavee by Dhyan Hewage [2021]

පියවීලා දෑසේ ඈ දුන් සේයා..
යහනේ තනිවී මා හා එදා..
නුඹ දුන් කැල්මන් නෑ සැඟවී පේනා
මේ ජීවේ ස්නේහේ මා හා..

හන්තානයේ ඉම දුටුවා මෙමා.
ඇගෙ ආලේ දවා නිවෙමී..
හැරයන්නෙදෝ.. ප්‍රේමය පසෙකලා..
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා..

ගංතීරයේ මා සොයනා කෙනා..
ජීවිතේ මෙන් මා..

හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ
මට නෑසුන දේම කීවෙ ඇයි සන්තානේ
ඔබහා ගිය පාළු මාවතේ පෙරවාගේ
නැවති මම පාර පීරුවේ නෑ ආයේ

ආලේ පානා මෙන් කාමේ සේයා
මේ ගංගාවේ මා පාවෙනා..
දිවියේ ආයේ මා කිසිදා පීරා
නොයමී මේ ආලේ සොයනා..

ආයේ හදේ යලි කිසිදා මෙමා..
නොපතමි ඈ නමින් කෙදිනා..
හැරයන්නෙමී.. ආලේ පසෙකලා..
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා..

ගංතීරයේ මා සොයනා කෙනා..
ජීවිතේ මෙන් මා..

නිම්නයේ | Nimnaye by Dhyan Hewage [2021]

ලෝකය යනු මිහිතලේ නොව ප්‍රීතිය ආදරේ..
ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැදෙන්නේ..

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

දිවි ගෙවනා දින ගනිනා..
අප දකිනා ලොව සිටිනා..
මිනිසුන් අප සැම අගනා..
ඇතැමුන් ලොව ජයගෙනා..

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

දකිනා මා සිත් චායා පතනා ප්‍රීතිය මේ ලෝකේ..
ඔබ මා හා දිවිගෙවනා විට උතුරයි ආදරේ..

ලෝකේ අපහා දිවි ගෙවනා..
සතුරන් මිතුරන් වන අගනා..
දින දිනයක් වැඩියෙන් ගෙවනා..
හැඟුමයි ඒ ආදරේ…

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

පාට දේදුන්නේ | Paata Dedunne by Mahiru ft. Dhyan Hewage & Didula

පාට දේදුන්නේ
රැදි පාට ඕවිල්ලේ
හීන සාගරේ සිනා රැදේ
රේනු මෙන් පාවේ
සුලගේ වරින් වරේ
රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ
ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා
මල් පාට සේදී යෙනා

පේන මල්පාරේ
ඇති රෝස කටු පදුරේ
රොන් තිබෙයි නමුත්
විසයි ලොවේ
මල් සිනා යායේ
නොම දෙන් වරින් වරේ
ස්නේහ ආලයෙන්
හිදින් ලෝවේ

ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා මල්
පාට සේදී යෙනා

ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා මල්
පාට සේදී යෙනා

හද පාරා | Hada Para by Dhyan Hewage [2021]

හද පාරා ගිණි අවුලා
හදේ දැවෙනා ආදරේ මතක සගවා
ඉගි කරලා ලං වීලා
හුස්ම වැටෙනා පපුතුරේ සුවය විදිනා
මායාව ගොලු වී තනිව හැඩුවා

රුවැත්තී ඔබ දෙඩුව රස තැන්
විදපු හසරැල් රෑ සීතලේ දවනවා
හිතැත්තී ඔබ වෙන්ව යන තැන්
හිතට ගෙන දුන්
සතුට අද කදුලින් ගලනවා

රුවැත්තී ඔබ දෙඩුව රස තැන්
විදපු හසරැල් රෑ සීතලේ දවනවා
හිතැත්තී ඔබ වෙන්ව යන තැන්
හිතට ගෙන දුන්
සතුට අද කදුලින් ගලනවා

සිත්තරාවිය හිත්දිරා ගිය
සිතුවමක් ලෙස දිරාපත් වුන
කකියනා හිත ඇහෙමවද
නෑ නේද ,
ආදරේ ගිය දුර

සිත්තරාවිය හිත්දිරා ගිය
සිතුවමක් ලෙස දිරාපත් වුන
කකියනා හිත ඇහෙමවද
නෑ නේද ,
ආදරේ ගිය දුර

හති දානා හිත හිනස්සා
ගිණිත් ලා ගිය රුවැත්තී

හති දානා හිත හිනස්සා
ගිණිත් ලා ගිය රුවැත්තී

හන්තානේ | Hanthaney by Dhyan Hewage ft. Yuki & Yashodha Adhikari

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ