ශාන්ත සිතුවිලි (Remake) | Shantha Sithuvili by Sanka Dineth

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

පාවෙන බක් මී මල් යහනේ
ආදරයේ රඟදෝ මැව්නේ
නෑසේ ළඟ සැනවුනු ශෝකේ
මිහිරනේ පෑවේ

සී පද රාවේ තොටියාගේ
සන්තාපේ සිතිවිලි මැකුනේ
මෝදුර පායා එන තරුවේ
රහසනේ කීවේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

කල්ප කාලයක් | Kalpa Kaalayak(Remake) by Sanka Dineth ft. Meena

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා

මට ආලෝකේ ගෙනදේවි | Mata Aloke Genadevi by Iraj ft. Ranidu

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ