හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

යන එන මග සරමින් ලත වෙද්දි
නුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ල
හේශාවරී
ඉඳ හිට මග තොට හමුවෙද්දි
නාඹර හිත ගැස්සීලා නුබ කලතන්නා
හේශාවරී

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

කැරලි වූ පෙම් කියඹු වැල
නුරා දෙනෙතේ හැඟුම් කැල
පිබිදුවා පිබිදුණා
නුඹ ගැන පැතූ පෙම

නුඹ තියා මං තරුවක ම
හැඩ බලා හැම රැයකදි ම
සැනසුවා සැනසුනා
මන බැඳි හැඟුම් පෙම

ඕ මා හිතවතියේ
නුඹ දැක මා හද සැලුනේ
හුරුපුරුදුයි පෙර සසරේ
හිත පතුලේ නුඹ ඇඳුණේ

මේ දෑල දෙනුවන තෙමා
නුඹ දුරක නොයන්න මගෙන්
හිරු මැකුණු රැයේදි පවා
මං විඳිමි උණුහුම නුඹේ

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා
නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

යෞවනියේ සැනසිල්ලේ සරනා
පෙම්වතියේ නුබමයි මා පතනා
පරදා මා නිවනා
රස සත්සරේ වීනාවී

සන්තානේ සීමා බිඳි පැතුමක්
මා හා ළංවී සිටි හුන් වරුවක්
දැනූනා මා වින්දා
රස සත්සරේ වීනාවී
ඕ කෙල්ලේ
හුස්මක් වාගේ මා හා බැඳි
හිත අවුලුවානා හීයත් නුඹ වී
නෙත් දෑලේ
ඉඟි වස්සාන පෙම් හැඩකාරී
මා උමතුයී තහනම් පෙම් මායාවී

aki vish hegoda,sinhala songs,sinhala new song,shan madushan,aki vish,sinhala cover songs,edm new song,rewind studio,dinesh kanagarathnam,shan madhushan,rewind studios,nalla paatu sri lankan cover,alpha gang,sinhala rap,akila hegoda,anushka udana,shan m,rewind studioz,akhtar jamaldeen,sansariye,sri lanka,nalla paatu sinhala cover version,chanux bro,sansaariye,oya langin,lyric video,lyrics video,nethu nonida re adure,shan,songs,rewind,nuwara

ඇවිත් ගිහින් | Awith gihin by Dinusha Jayasinghe ft. Tharindu Damsara

සුරංගනාවියක් ඇවිත් ගිහින්
ආදරේ අරං ඇවිත් ගිහින්
ජීවිතේ ලසෝ තැවුල් සුසුම්
ආයෙමත් විදින්න වෙයි ඉතින්

ආදරේ සුරංගනා
කතන්දරේ ගිලන් වුනා යන්තමින්
මාරුතේ නැගී සැනින්
ඈ මුලා කලා මගෙන්
නොවිරූ ලෙසින්

තාරුකා පෙලින් එහා
ලොවක් තිබේ සුරංගනා
සක්වලක්
සිත් තැවී බිදී මගෙන්
නොකී කතා සිතේ දරන්
එහේ ගියාදවත් කියන්න
රත්තරං

මීවිතේ ගිලෙන්න වෙයි ද
මල් ඔතා උරන්න වෙයි ද
කල්පනා කරන්න වෙයි ද
දන්නෙ නෑ

රගහල දැන් ඇත අඩ අදුරේ | Rangahala Den Etha Ada Andure by Wijerathna Warakagoda & Anula Bulathsinhala

රගහල දැන් ඇත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ…
තනිවී අැත හිම ගිරි අරණේ
රගහල දැන් අැත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ…
තනිවී ඇත හිම ගිරි අරණේ

දිරියෙන් යුධ කළ ඔබ දුටු මොහොතේ
මගෙ හද ගැබ තුල පිරුණයි අාලේ
නැති මුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර මෙමටා නැත අන් සරණේ
අවසන් වසරේ සරසවියේ
ඔබෙ අත අරගෙන හන්තානේ
කදු පාමුල මහවැලි සෙවනේ…
මනමේ කුමරිය ඔබද ළදේ

හැඩි දැඩි සිරුරට අාලය දැණුනා
ඔබ වෙත අසිපත දෙන්නට හිතුණා
මනමේ කුමරුන් මරුමුව වැටුණා
දැන් මම රැජිණකි හිම ගිරි අරණා
රගහල දැන් අැත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ…
තනිවී ඇත හිම ගිරි අරණේ

රගහල දැන් ඇත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ…
තනිවී ඇත හිම ගිරි අරණේ

නුවරපුරේ සිරි | Nuwarapure Siri by NURAN [2020]

සොයන්නට කාසි කොල ජීවිතේ විදින්නට
ගෙවන්නට සිදුවුනත් තරුණ කාලේ පිටරට
පිනක් පල දුන් නිසා පෙර කළ පිනකට
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

හේයි…. හේයි… ඉන්නේ රජවරු වගේ
හේයි…. හේයි… කොල්ලෝ ඉන්නේ chill එකේ
හේයි…. හේයි… මතකයි දිව්වා වීධී දිගේ
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

ආයුබෝවන් වනක්කම් අස්සලා වාලෙයික්කුම්
පිළිගන්නවා නුවරට මනුස්සකම පිරීපුන්
දැකලා තියෙනවද මචං නුවරපුරේ සිරිය
වරෙන් නුවරට පෙනෙයි දිවියලෝකේ අසිරිය

දංගෝල්ල ඌරාවල ඔගොස්ටාවත්ත කුරුදුවත්‍ත
සුදුහුම්පොල ෆිල්ම්‍ රෝස් බෝගම්බර මහයියාව
බහිරවකන්ද සුරපුරේ හැමදාම සතිඅන්තේ
හන්තානේ පැත්තේ කොල්ලෝ සීතලේ සැප ගන්නේ

සුද්දා ගල විද්දේ සුර සැප කොහෙත් නැති නිසා
කොස්තා කිව්වා වගේ සුළගත් මෙහේ chill නිසා
පස්සේන් එන්නේ කෙල්ලෝ නුවර කොල්ලෝ රජවංසේ නිසා
ගස්සන් යන්නේ කෙල්ලෝ මෙහේ ඉපදුනේ නුවර නිසා

නිර්මලනීය කදුපෙල සුන්දරයි පිම්බරයි මල්බරයි
වැවරව්ම පැත්තෙන් යද්දි පෙම් කරයි දෙවියොත් සෙල්ලම් කරයි
තාමත් උඩවත්ත කැළේ රාමලා සීතලා සක්මන් කරයි
සුරලොවක් දෙව්ලොවක් නෑනේ වෙන ලොවක් ආයේ

හේයි…. හේයි… ඉන්නේ රජවරු වගේ
හේයි…. හේයි… කොල්ලෝ ඉන්නේ chill එකේ
හේයි…. හේයි… මතකයි දිව්වා වීධී දිගේ
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

සිංහලයේ අවසන් අගනගරය මැද උතුම් දළදාව
වටේට නාථ විශ්ණු කතරගම පත්‍තිනි රැකවරණය
සෞම්‍යයි දේශගුණය හා රමණීයයි පරිසරය
බුදුන් තෙවරක්ම වැඩි දේශේ පූජනීයම නගරය

ගඩලාදෙණිය ලංකාතිලකේ ඇම්බැක්කේ කැටයම්
ඕනේනම් තව දෙන්නම් සත්කෝරළේම සිතුවම්
දළදා පෙරහැරේ අසිරිය බලන්නට මනරම්
සුද්දා විදපු ගලෙන් උඩට වරෙන් මචං අරන් වරම්

කෝ දෙන්න බලන්න නුවර මැණිකෙලාගේ සද්දේ
හැමදාම හවසට නිළමෙලා fly හද පැත්තේ
කව්ද එන්නේ යන්න kcc, worldspicy පැත්‍තේ
Happening මචං weekend, hq, chill n’ grill පැත්තේ

ඉර හද පායන අව් වැසි අඩු නැති මිණි මුතු ආකර නිදන බිමේ
We living harmony without fighting each other coast of race and cast
උතුරේ දකුණේ දේශේ සිව්කොනේ නගරේ ගම්මානේ මැදුරේ පැල්පතේ
කොතනකහරි මුදුනෙක්නම් බලපන් මචං ඌ උඩරට

සොයන්නට කාසි කොල ජීවිතේ විදින්නට
ගෙවන්නට සිදුවුනත් තරුණ කාලේ පිටරට
පිනක් පල දුන් නිසා පෙරකල පිනකට
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

හේයි…. හේයි… ඉන්නේ රජවරු වගේ
හේයි…. හේයි… කොල්ලෝ ඉන්නේ chill එකේ
හේයි…. හේයි… මතකයි දිව්වා වීධී දිගේ
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

ඉන්නේ රජවරු වගේ
කොල්ලෝ ඉන්නේ chill එකේ
මතකයි දිව්වා වීධී දිගේ
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here