ගෝමර මාලා | Gomara Mala by Dushyanth Weeraman

ගෝමර මාලා වත සරසාලා
හැඩ වැඩ ගමනට ඉඟ නලවා
වරලස මුදලා ඔසරිය අන්දාලා
කෝල සිනහවෙන් මුව සරසා
නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා
යන්ට හිතයි මගෙ දිවි හැරලා
මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
බහ දීපන් මට දිවි සනසා



වැවෙන් නෙලා ගෙන මානෙල් මල් වැල්
ඔබෙ වත ගවසන්නම්
චාටු කුනාටු දාන හිපාටු
අල්ලලා එලවන්නම්
වෙරළු දොඩම් කජු පැණිවරකා
සීනි ලොසින්ජර් වැලි තලපා
ආල නුරාමල් සිහින පොකුරු වැල්
පැදුරු ඇදේ නුඹ සතපන්නම්



මැනිකගේ ලස්සන දුටු විට කාගෙත්
හදවත වාවයිද
ගමේ අනිත් හැම ගැටිස්සියන් නොව
නුඹමයි මට උරුම
කාටත් නොකියූ රහසක් මන්
දිනයක ඔබ හට පවසන්නම්
දත කට මැද ගෙන උබෙ අත අරගෙන
හඳ පානේ පැනලා යන්නම් බොල

ගෝමර මාලා වත සරසාලා
හැඩ වැඩ ගමනට ඉඟ නලවා
වරලස මුදලා ඔසරිය අන්දාලා
කෝල සිනහවෙන් මුව සරසා
නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා
යන්ට හිතයි මගෙ දිවි හැරලා
මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
බහ දීපන් මට දිවි සනසා

රාත්‍රියේ පිපෙන්නම් | Rathriye Pipennam by Keshan Shashindra

රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා

රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා

තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා
රාත්‍රියේ පිපෙන්නම්

සඳ සළුව ලිහේනම්

සුළං රැල් හමා
සඳ සළුව ලිහේනම්
සුළං රැල් හමා
හාදුවක් තියන්නම්
ආදරෙයි කියා

ආදරෙයි කියා

රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා
රාත්‍රියේ පිපෙන්නම්

දෙතොල් මත රැඳෙන්නම්

අමා මී පොවා
දෙතොල් මත රැඳෙන්නම්
අමා මී පොවා
ආදරේ දොවන්නම්
පපුතුරේ හොවා
පපුතුරේ හොවා

රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා

රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා