රාවණා | Rawana by Muditha Samarasekara ft. Tharindu Damsara [2020]

තෙදැති විකුමැති බලැති නරපති
හිමාලෙටනම් නුඹව සතුරැති
සියල් හැරදා එන්ට සිත් ඇති
රාවණා නුඹ මටයි අදරැති

පපුතුරේ උණුහුමට හිතැති
ගිනි සිසිල අරුමයක් නම් නැති
කිසිකෙනෙක් අදටවත් දන් නැති
කාරණේ නුඹ දන්නවා ඇති

ලෙනක මට රලු සයන හුරු ඇති
බාහු යුග්මය මා දවාලැති
නෙතු හැරීයෙමි ඒත් නුඹ නැති
රාවණා නුඹ මටයි අදරැති

ආලයේ කමටහන් | Alaye Kamatahan by Tharindu Damsara [2020]

පිපි කුසුම් එකිනෙක සිනාසී
වැලදගනු ප්‍රේමයේ නමින්
නිසිකලට නොපිපුනු කුසුම්
ඉකිගසයි මඩ ගොහුරකට වී

තුටු දනන් දැකගත් සැනින්
ක්‍රෝදයෙන් උනුන් දෙස බලන්
අහිමි ජීවිත සතුට පාවා දී කදුලින්
ඇදිවත තෙත්කරන්
පාට තැවරූ සිහිනයක්
අහස නිවනා පොළොව සරනා
සැවොම නිව් භාවනාවක්

ආලයේ පරිමාව නොදැනම
ජීවිතය අකලට ගිහින්
ප්‍රේමයේ නිවනත නොදුටු උන්
ලෙඩ ඇදේ මොක්සුව සොයන්
පාට තැවරූ සිහිනයක්
අහස නිවනා පොළොව සරනා
සැවොම නිව් භාවනාවක්