මා සඟවා | Ma Sangawa by Mihindu Ariyaratne [2020]

මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා

කඩා වැටුණු කඳු වැටි ලඟ
ගිලී ගියේ සෙනෙහසමද
සැලී බිඳුනු වැව් බැමි යට
සිඳී ගියේ ආදරයද
කියා ගන්න ගහකොලවත් නෑ
නුඹ ඉහල අහස නතු කර සිටියා

වලා වියන කළු කරගෙන
පලා ඇවිත් අසනි විලස
පෙලා තලා පෙම්වත් සිත
සිනාසුනේ ඇයි නුඹ මට
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා

written by Mihindu Ariyaratne

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

සඳ රාජිණි | Sanda Raajini by Mihindu Ariyaratne [2017]

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ
සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ

සඳ දිය දෝතක් නිල්මිණි පතුලේ හංගා
පිණි දිය ඉහිරූ සදවත මා සිම්බා

ඔය නොතු මගෙමයි කියනෙමි ඉරු සඳු දිවුරා
මා පෙම්බරී ලංවෙලා ඉන්න තුන් යමේ

හීනයක් අරන් අපි ලගීන් ඉමු රත්තරං,
දුක්…. ගීතයක් නොවේ ජීවිතේ ඉස්තරම්
හිත් මාලිගේ පුරා පීදිලා නුඹේ නාඩගම්
මා ශෝකයෙන් තැවේ ගොම්මනේ නුඹ නාවනම්

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ

මා පෙම්බරී ලංවෙලා ඉන්න තුන් යමේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මිසිස් පෙරේරා | Mrs. Perera by Mihindu Ariyaratne ft. Samith Priyal [2013]

රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ල
මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ
කිසිම ගතියක් නෑ
සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්ද
වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව
සද්දේ නෑනේ, ඇයත් නෑනේ
කිසිම ගතියක් නෑ
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?

Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්
අයියෝ Mrs.Perera

දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය
මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ
ඈව දකින නිසා
රෑට කන්න තිබුනු බත් එක මිස් වෙනවා රෑට
ඇයත් එක්ක චාටු වදන් කියලා රෑට රෑට, දන්නේ නෑනේ, හිතුනේ නෑනේ
අපිට පාඩුයි කියා
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමන් ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?

Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්
අයියෝ Mrs.Perera

යන්න යනවා මම ඩුබායි
ඉන්න බෑ මට දැන් දුකායි
අම්මා කිව්වේත් ඔය ටිකායි
කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට

Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඔබෙන් තොර ලොවක් | Oben Thora Lowak by Mihindu Ariyaratne [2020]

පියා නෙතු පියන්
තිබූ අවසරෙන්
රුවක් ඇදෙනවා
යලි යලිත්

මිලානව ගිහින්
තිබූ මතකයන්
කොහේදෝ ඉදන් ‍යලි ඇවිත්

නවාතැන්පොලක් සොයා ගිය
විඩා වැටී තනිවූ හදවතක්
සිනා සෙන්න බෑ අදත්
හඩා වැටුනු හැටි
මතකේ තවත්
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

බිතු සිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට
පැතුවා සේ
කවදාහෝ ආයේ
හමිවේදෝ නෑ මා දන්නේ

ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අනාවැකියක් | Anawakiyak by Mihindu Ariyaratne [2017]

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..

මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්..
මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්..
මම වෙමිය සොදුරියේ..
මම වෙමිය සොදුරියේ..
එනයින් ඔබ පිපේ සුවදින්..
සුවදින්…

සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්..
සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්..
මම වෙමිය සොදුරියේ..
මම වෙමිය සොදුරියේ..
එනයින් ඔබ දිලෙයි සතුටින්..
සතුටින්..

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සිහිනේ සොයා එනවා | Sihine Soya Enawa by Mihindu Ariyaratne

සවනේ රැව් දේ
පෙරදා හැඩූ රාවේ
ගිලිහේ දෙනෙතින්
ගිනි ජාලා වියෝවේ

වැටිලා රිදුනත් හද විමානේ
නොසැලී දැල්වෙයි සීත ප්‍රතාපේ

දැවුනු නිවහන් අලු හා
පිබිදී සොයා එනවා
මරු හා වැතිරී
සිහිනේ සොයා එනවා

රවටා පාගා
වැලලූවත් විලාපෙ
තෙරපා නෙරපා අද වූවත් මුසාවේ
මගේ හඩ වලලනු බෑ
නෙත් අද කරලනු බෑ
සිහිනය වලකනු බෑ
යලි මා නවතනු බෑ
යලි මා නැවතෙන්නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ජීවිතේම නැවතිලා | Jeewithema Nawathila by Mihindu Ariyaratne

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා

සුලඟ යයි එදා වගේ විඩා නිව නිව හිතු අතේ
කුරුළු කැල එදා වගේ ගී නදින් මත්ව නිදහසේ
උනුන් බදා වැළඳ තරව
ආත්ම රාගයේ වෙලී හිඳින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ඉර නැගෙයි එදා වගේ මල් පුබුදා මිටියාවතේ
ගඟ ගලයි එදා වගේ සඳ කැන් දහරේ දුර ආකහේ
ලේ කඳුළු සිඳී ගිය
අවතාර සේ දහවල ඇවිදින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා ////

කෙල්ලේ | Kelle by Mihindu Ariyaratne & Chinthy ft. Raj Thillaiyampalam [2019]


මගේ කෙල්ලේ
ඇයි මගේ හදවත කලබලේ
සිහියෙන් පාරේ යන්නත්
මට දැන් බෑ වගේ
දුන්හිද ඇල්ලෙන් හැලෙනවා
මට කියන්න ආසයි ආදරේ
බක් මහේ අකුණක් ඇවිත්
වැදුනා වගේ ඔබ දුටු ගමන්
කෙල්ලේ


මගේ කෙල්ලේ
මුතු මාල බෙල්ලේ
So bootylicious
දැන් බියොක්සත් එලෙයි
රතු කොට සායයි
සුපුන් සඳක් පායයි
තොරොම්බල් ගොඩයි
හැට කොට්ට මෙට්ට මාරයි
ඕ එහෙනං ආදරෙන්
සීනි බෝල සාගරෙන්
මා ළඟින් මා ළඟින්
පාද තබයි කාලෙකින්
Baby wanna hit you in the worst way
So maybe baby this’ll be best day

ගෝලාකාරයි
ඔයාගේ අච්චුව හරි ලස්සනයි
ගසලයි පද්දලයි
පපුව පැලෙයි මල් හතයි
ප්‍රවේසමෙන් කෙල්ලේ
දැන් වටේ පිටේ ඇස් ගොඩයි
බිය නොවන්න හපන් නෑ
තියන්නේ මගේ අත්සනයි
Toe nails
With ya high heels
Glossy lips
With ya so sexy eye lids
You cat walk and you shake that
hips
Baby girl so special
I can’t take a blink
Cuz you made me drink
You

Ha! Ha

ඔබ එනතුරු මහ අවුවේ
හිටියේ මං පාරට වී
ඔබ එන විට
හාට් බීට් එක මගේ වැඩිවෙන්නේ
ඔබේ නෙතු කැල්මන් වැදිලා
මා එකතැන ගල් ගැහිලා
හදවත මගෙ නැවතීලා
මුව ගොළු වෙනවා
ඔබේ වට්ස් ඇප් ප්‍රේම හසුන් ඇත
තාමත්
මගේ ෆෝන් එකේ
ඒ ලස්සන ආල කියුම් විතරක් මට
ඉතුරු වෙයිද අනේ
තේරුම මේකේ කියාදෙන්න කෙල්ලේ

ඔය ලස්සන සිනහවට
ඉන් ඇතිවන දිග්නයට
මගේ හදවත ගිනි දැල්වී එය
ඇවිලෙන්නේ
මට ලං වී ආදරයෙන්
සිත සනසා පෙම් ස්වරයෙන්
ඇවිලුණු ගිනිදැල් නිවලා මා සනසන්න

I love you කියලා
අපි වචන තුනක් මුමුණන්න
ඇයි හිත ඇඹරෙන්නේ
එය මටනම් නෑ වැටහෙන්නේ
තේරුම මේකේ කියාදෙන්න කෙල්ලේ

මගේ කෙල්ලේ
ඇයි මගේ හදවත කලබලේ
සිහියෙන් පාරේ යන්නත්
මට දැන් බෑ වගේ
දුන්හිද ඇල්ලෙන් හැලෙනවා
මට කියන්න ආසයි ආදරේ
බක් මහේ අකුණක් ඇවිත්
වැදුනා වගේ ඔබ දුටු ගමන්
කෙල්ලේ

 

කඳුලු ගෑස් | Kadulu Gas by Mihindu Ariyaratne ft. Manuranga Wijesekara [2019]

කදුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්න

කදුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්නෙ

ලිප්ටන් වටරවුමට මල්ලී
ලිප්ටන් වටරවුමට මල්ලී

මේ සමාජවාදී ජනරජයයි
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…

රුසියන් පොත් නැත
චිත්‍ර කතා ඇත
උපවාසය මැද
කුට්ටම අනා ඇත

අපි කවුරුද
අපි තවම දන්නෙ නෑ
මේ සිස්ටම් එක ඇතුලේ
අපි දැන් අනාතයි නේ මල්ලී

ජය වේවා…
ජය වේවා…
ජය වේවා..
ජය වේවා..

කතිරය වැඩ නැත
පස්සේ දොරක් ඇත
මර්දනයක් ඇත
ඒක ෆුල් ආතල්ය

මීඩියායෙන් නිස්සන් බෙදනම්
රවුමක් යන්න ඕනෙ නම්
සුදු වෑනුත් ලෑස්තිනේ මල්ලී

ජය වේවා…
ජය වේවා…
ජය වේවා…

කදුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්න

කදුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්න

ලිප්ටන් වටරවුමට මල්ලී
ලිප්ටන් වටරවුමට මල්ලී

මේ සමාජවාදී ජනරජයයි
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…

 

 

Download the Official Audio from Here!!!

සියුම් තැන් | Siyum Then by Sashika Nisansala & Mihindu Ariyaratne

සියුම් තැන් රතුවෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීනදම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේ
උමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ

නැහැ සිතුවේ සමුදෙන්න කිසි කලකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක් පැතිරුණේ මහ විසක්
අපේ ලොවේ… ජීවිතේ