ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී

චකිතය | Chakithaya by Nemesis

සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා

කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා

නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා
ඔබ නිමැවූ… සිහිනේ… බිදුනා..

Thahanam Malak / තහනම් මලක්   – Mihindu Ariyaratne

තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී

මාගේ ලොවේ…

මතුදා හිත් පෑරුනත්

ඔබ පතා

හිත පෙරුම්… පුරනා….
මගේ ලයේ…එතී එතී…

රැයේ තනි මැකුවා…

හෙට නැතත් ඔබ නැති ලොවක්…

ඔබම සිත පැතුවා…

කදුලක් නැත ලෝකේ…

ඔබේ සිනා රැදෙනා…

ඔබ නෑ ලග මාගේ…

තනිවෙලා…මා සදා…
ඔබේ සුසුම්…

හුරු දෙතොල් ලග…

සීතලෙන් වෙලිලා…

ඔබේ නුවන් හෙට…ඔහු ලොවේ…

හිරුකිරණ වෙනවා…

ඔබ නැතී සන්තාපේ…

උහුලගන්නට බෑ…

තවමත් නෙතු මාගේ…

මග බලයි එනතුරා…

ඔබ යලිත්…
තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී

මාගේ ලොවේ…

මතුදා හිත් පෑරුනත්

ඔබ පතා

හිත පෙරුම්… පුරනා….