බඹර නාදේ | Bambara Nade by Bachi Susan ft. Shanika Madhumali

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රාර්තනා තවරා ආදරේ

ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ

ආ….

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ

බාචි සුසාන් (Mashup) | Bachi Susan (Mashup) by Bachi ft. Kanchana Anuradhi

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් වුනේ
ජීවිතේ ගියත්

නිම්හිම් නොවූ
ආදරේ සිතුවම් කලා
හැගුම් පහසින්
රහසක් කිව්වා

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ

සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේරාවකී

සරත් සදේ රැයක
මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට
මල්වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට
කියලා දෙන්න

හැගුම් විහැගුම්
තුරුල් වෙතී
සිතුම් සිතුම්
ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන්
වහදැවී
මාගේ දෙනුවන් පුරා විහිදේ

ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය

විසේකාරි

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ

විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

හිමි නොවුන නෙතු | Himi Nowuna Nethu by Bachi Susan

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා..

ආ..දරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..