අනේ කෙල්ලේ | Ane Kelle by Doctor [2020]

අනේ කෙල්ලේ
ඔබේ රසකතා
ඔබේ පෙම් කතා
මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා
කීව බොරු කතා
විහිලුවක් වගෙයි නේ
මගේ සිත කඩා දමා
ඔබ ගියත්
නෑ පස්සෙන් එන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

ඔබ නෑ කියලා
මට තනියක් නෑ
ගී ගයලා මා
ලත වෙන්නෙත් නෑ

තව කෙනෙක් නිසා
මම අද දෙවෙනි වෙලා
ඔබ හට කිසිදා
කෙල්ලේ හොදක් වෙන්නෙ නෑ

ඔබේ රසකතා
ඔබේ පෙම් කතා
මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා
කීව බොරු කතා
විහිලුවක් වගෙයි නේ
මගේ සිත කඩා දමා
ඔබ ගියත්
නෑ පස්සෙන් එන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

ඔබ ගැන හිතලා
මං අඩන්නේ නෑ
වස විස බීලා මං
වැනසෙන්නෙත් නෑ

තව කෙනෙක් නිසා
මම අද දෙවෙනි වෙලා
ඔබ හට කිසිදා
කෙල්ලේ හොදක් වෙන්නෙ නෑ

ඔබේ රසකතා
ඔබේ පෙම් කතා
මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා
කීව බොරු කතා
විහිලුවක් වගෙයි නේ
මගේ සිත කඩා දමා
ඔබ ගියත්
නෑ පස්සෙන් එන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

කොල්ලො නරක නෑ | Kollo Naraka Na by Doctor [2011]

හැඩට දිගට වවලා අනේ
කොන්ඩෙ බැන්දට
ඇගට හිරට අන්ඩ දාපු
ඩෙනිම ඇන්දට
තිතට විදලා කනට
කරාබුවක් දැම්මට
ඉදලා හිටලා
තරුණකමට පිස්සු නැටුවට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

මමී ලගදී පුංචි එකා
වගේ හිටියට
ඩැඩී ලගට කිට්ටු වෙලා
දඩේ දැම්මට
යාලුවෝ සෙට් එකත්
රවුම් ගැහුවට
රෑජාමෙ ඇවිත් ගෙදර
බැනුම් ඇහුවට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

මොලේ නරක් වෙච්ච එවුන්
කියලා කිව්වට
බලා ඉන්න බැරි කට්ටිය
අපිට බැන්නට
කලේ නැහැනෙ වැරදි අනේ
කිසිම කෙනෙකුට
අපේ කොල්ලෝ බරක්
වෙන්නේ නෑනේ ලෝකෙට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

කවුරැන්දෝ | Kaurundo by Doctor [2017]

සැමදා ඔබ මගෙ කියා
කීව දේ මතකයි සදා
එනතුරා සිටියෙමි මං මග බලා
යලි මා ඔබ සිහිකරමි සදා

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

සීත රෑ මා තනි වෙලා
පාලුවෙන් සිත හඩවලා
සෑමදා සිටියා මං කල් බලා
යලි නෑ ඔබ එන්නේ සදා

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

යලි ආයෙත් ආයෙත් එයිදැයි සිතෙනවා
ඔබ මාගෙන් වෙන් වී හැරදා ඇයි ගියේ

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා