සුදු අසු පිට | Sudu Asu Pita by Indrani Perera

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ
ආලේ ඔබේ මටනේ ප්‍රියේ

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල්හීසරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා
මල්සර දෝණී මෙමා
මල්සර දෝණී මෙමා
මල්සර දෝණී මෙමා

දොර ඇරපන් ආයා සුදා | Dora Erapan Aya Suda by Desmond de Silva ft. Indrani Perera

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
මගෙ ආදර බැල්මට උඹ බය ද පිස්සියේ

මට වැරදිල ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
ඔබ මොකටද එල්ලුනේ මගේ ඉරුණු මැක්සියේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ

මම දන්නව ඔබේ නෝනගෙ සෙරෙප්පුවේ බලේ…
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ..
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ

මෝඩ වෙන්න එපා පොලොව හරි හැඩයි අනේ
ආන්ඩවනේ මගෙ කකුලත් වැදුනා හිරමණේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා