කඳුලක් ගලාවිත් | Kandulak Galawith by Kaveesha Kaviraj

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

මට පෙමේ බැන්ද | Mata Pem Banda by Kaveesha Kaviraj

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලඟ ඉන්න නොවන සේ

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී
මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

ඇස් ආදරෙන් පුරෝනා | As Adaren Purona by Kaveesha Kaviraj

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

රැකගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

සිත අනන්තයේ | Sitha Ananthaye by Kaveesha Kaviraj [2019]

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ
ඇසුනා සැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ
මා නොසිතූ විරාමයේ
නවතීමට ලගා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලාගියේ

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

පාවෙන වලාතිරේ සද
බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇදුනා කැලබූ
සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී සංසාරේ පුරා මැවුනා

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here