ආදරේ හැටි | Adare Hati by Nadeemal Perera from Imlie Teledrama [2022]

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී…
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

ලංවී | Lanvee by Nadeemal Perera ft. Dilki Uresha [2022]

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ

දෙකොපුල් දිගේ මුහුන හැරෙනා
හැම සුසුමක් පාසා
මට ආදරේ දැනෙනවා

ඔය උනුහුම හැම මොහොතෙම
හදවත දවනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

සද රැස් විලේ මාහා පිහිනා
රස හැගුමන් දෝවා
පෙම් සීමා විදිනවා

ඔය තුරුලෙම මං
හාදුමල් නෙලනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

written by Sampath Fernandopulle

ඒ කාලේ වාගේ | E Kaale Wage by Nadeemal Perera [2021]

ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
හැන්දෑ වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
හැන්දෑ වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසේ
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ

රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසී
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ

දිය ඇල්ල වාගේ
දිගු වරල ඈගේ
හමුවන්න යලි එන්න
මාගේ කුමාරී
ආයේ ඒ වාගේ
හමුවන්න ආසයි

සීත කදු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල වාගේ
ලියවේ කතාවේ

සීත කදු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල වාගේ
ලියවේ කතාවේ

ලග ඉන්න මාගේ
පෙරදාක වාගේ
අත මෙන්න අරගන්න
මාගේ කුමාරී

ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
හැන්දෑ වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

රාත්‍රියක් | Rathriyak by Nadeemal Perera

මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී

මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී

දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ
නුඹ මගේ බවත් මා නුඹේ බවත්
මුළු ලොවම නැහැනෙ සිතුවේ…

සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි
හද සනසන්නද තව රවටන්නද
මා තවම නොදනි සොදුරේ…

සිංහල සිංදු (Mashup) | Sinhala Songs (Mashup) by Sajitha ft. Nadeemal

උන්මාදිනි හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා

සීත මාරුතේ
හිත වාවන්නේම නෑ
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ

ඈත මීදුමේ
කිරි කොඩු මෑදියම් රෑ
දිදුලන පුන් සඳක් වගේ
දුන් හීන එලිවෙන් නෑ
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ

මා හදේ වෙළෙනා
ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

නීල දෑසේ දුටුවා
ඔබෙ පේ‍්‍රම ආලිංගයේ

ගීත රාවේ දැනුනා
සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ
සීතලෙන් මා වෙලි
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී
ඔබ යන්නේ ඈයි ආදරී

මගෙ සිහිනේ ඔබයි
මල් මී සුගන්දේ
නැලවී වෙලී
මගෙ සිහිනේ ඔබයි
මල් වැල් ගොතන්නී
තනි යහනේ නොවෙයි
වෘන්දා වනේ
නිල් විල් තලාවේ
ආදරයේ
කිමිදී මිදී
කොයිදැයි විඳින්නේ
හද උණුසුම ඔබයි
සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම්
ඇහෙනා වෙලේ
කෝ කොයිද රාධා
උන්මාදිනි

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

මල් පැන් පොදක්
උන්මාදිනි
කිනිත්තක් අගින්
හැංගුනා
ඉසින්නා වගෙයි මට
අනුරාග දෑසින් බලා
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
සොඳුරුයි සුපෙම්
ලැබූ පෙම් වදන්
ලෝචනා
ඉතිං ආදරෙයි නම්
නෑසෙයි නුඹේ ගායනා
බෝහෝමයි හැගුම්

අහසක් අහසක් තරම්

ආදරියේ x මායම් කලාවේ x නුරා වසන්තේ | Adariye x Mayam Kalawe x Nuraa Wasanthe by Nadeemal Perera

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ…
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ…

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

හිරිමල් මුවින් පානා සිනා
කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා
හද පොපියනා මේ ආදරේ

ඔබ මට දුන්න
යලි උදුරන්නේ ඇයි ප්රේමියේ
මා ජීවිතේ
ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ

මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ

පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ

අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා

අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා

ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා

නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා

සංසාරයක් තරම් | Sansarayak Tharam by Nadeemal Perera [2019]

ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ
හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී
සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ
ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ
ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ
කල්ප අනන්තෙට විහිදුනා ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

හොහෝ… හොහෝ… අපේ ආදරේ

ආදරියේ | Adariye by Nadeemal Perera ft. Pasan Liyanage [2021]

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ…
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ…

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..

ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

කතරක තනිවී | Katharaka Thaniwee by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ